Posted on 06.05.2022 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
කාලයක් තිස්සේ මිල ඉහළ දැමීමක් නොකර පවත්වා ගෙන ගිය තැපැල් ගාස්තු වහාම සංශෝධනය කරන ලෙස තැපැල් දෙපාර්තමේන්තුව මහා භාණ්ඩාගාරයට නිර්දේශ ඉදිරිපත් කර ඇත.
ඉන්ධන මිලත් තැපැල් සේවයට අවශ්‍ය ද්‍රව්‍ය මිල ඉහළ යාම ඇතුළු විවිධ හේතු මත පිරිවැය ඉහළ ගොස් තිබෙන පසුබිමක ගාස්තු වැඩි නොකළ හොත් තැපැල් දෙපාර්තමේන්තුව පවත්වාගෙන යෑම දුෂ්කර වනු ඇතැයි එහි ප්‍රකාශකයෙක් පැවසීය.
කඩදාසි හිඟය නිසා බැංකු සහ වෙනත් ආයතන වලින් තැපැල් දෙපාර්තමේන්තුවට ලැබෙන ලිපි ප්‍රමාණයද විශාල වශයෙන් අඩු වී ඇතැයි වාර්තා වේ.
පාඩුව අවම කර ගැනීම සඳහා තැපැල් දෙපාර්තමේන්තුව සතියකට එක් දිනක් වසා තැබීමටද රජයට නිර්දේශ ඉදිරිපත්වී ඇත.