தமிழ்
English
Contact
Friday 16th November 2018    
තවත් TNA මන්ත්‍රිවරු මහින්දගෙන් ඇමතිකම් ගන්නට සූදානම්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

තවත් TNA මන්ත්‍රිවරු මහින්දගෙන් ඇමතිකම් ගන්නට සූදානම්!



දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රිවරු පිරිසක් මේවනවිට මහින්ද රාජපක්ෂගේ අගමැතිධුරය යටතේ ඇමතිවරයෙක් වන්නට සූදානම් බව දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් විසින් සිය සමීපතමයකුට පවසා තිබුණේ මහින්ද රාජපක්ෂගේ අගමැතිධුරය යටතේ සුදුස් ඇමතිකමක් ලබාදෙන්නේ නම් ඇමතිවරයෙක් වන්නට සූදානම් බවත් තමන් සමග තවත් දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ඉක්මනින්ම තමන් හා එක්වන බවද ඔහු සදහන් කළේය.

කෙසේවෙතත් මෙසේ ඇමතිධුර සදහා දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්වීම දෙමළ ජනයාගේ ඡන්දය අහිමිකරගන්නට තරම් ඔවුන් අවදානමකට මුහුණ දෙන තත්වයක් බව දේශපාලන නිරීක්ෂකයන්ගේ අදහසයි. දැනට පාර්ලිමේන්තුවේ සිටින දෙමල සන්ධාන මන්ත‍්‍රීවරුන් 16 දෙනාගෙන් එක් අයකු රාජපක්ෂ ආණ්ඩුවකට සහාය පළ කරමින් ඇමතිධුරයක් ලබාගත් අතර නවතම තත්වය තුළ තවත් පස් දෙනකු නව ආණ්ඩුවට සහාය දැක්වීමට තීරණය කර ඇතැයිද අපගේ ආරංචිමාර්ග අනාවරණය කර සිටී.