Posted on 05.26.2022 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
2009 වසරේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ මර්දනකාරී පාලනය විසින් අත්අඩංගුවට ගෙන වධහිංසා පමුණුවමින් රඳවා සිටි දෙමළ තරුණයකු ඊයේ(25) නිදහස් කර තිබේ.
මෙසේ නිදහස ලබා ඇත්තේ 2009 මාර්තු 18 වැනි දින ත්රස්තවාදය වැලැක්වීමේ පනත (PTA) යටතේ අත්අඩංගුවට ගත් මඩකලපුවේ කලුවංචිකුඩිහි පදිංචුකරුවකු වන සුන්දරලිංගම් කේතීස්වරන් නමැත්තෙකි.
“ත්රස්තවාදී සංවිධානයක සාමාජිකයෙකු” බවත් පොලිස් භටයන් දෙදෙනෙකු මරා දැමූ බවත් චෝදනා කරමින් එවකට වයස 21ක් වූ ඔහු අත්අඩංගුවට ගෙන තිබුණේ අක්කරපත්තුවේ සිට පොතුවිල් දක්වා ධාවනය වූ බස් රථයක ගමන් කරමින් සිටියදීය. පසුව බූස්ස රැඳවුම්කඳවුරේ රඳවාගෙන වධ හිංසා පමුණුවෙන ලද මෙම තරුණයා ලවා බොරු පාපොච්චාරණයක් ඉදිරිපත් කරමින් 2017 දී ඔහුව අදිකරණය හමුවට පැමිණවීමට ආරක්ෂක අංශ කටයුතුකර තිබිණි. ඒ අනුව, එම සාක්ෂිය මත කරුණු දක්වමින් පැවති නඩුවිභාගය අවසානයේ මොණරාගල මහාධිකරණය විසින් ඔහුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළේය.
කෙසේවෙතත් ඔහු වෙනුවෙන් ඉදිරිපත් කළ අභියාචනයක් සළකා බලමින් අභියාචනාධිකරණය ඔහු සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරණ ලදී.