தமிழ்
English
Contact
Tuesday 25th January 2022    
ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට දීමට විරුද්ධව ජනතාව සමග සටන් වදිනවා - පෙ.ස.ප. | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට දීමට විරුද්ධව ජනතාව සමග සටන් වදිනවා – පෙ.ස.ප.



(TopNews) වත්මන් ආණ්ඩුව විසින් ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට පවරමින් මෙරට බලශක්ති ස්වෛරීත්වය පාවාදීමේ පියවර ඉදිරියට ගැනීම සම්බන්ධ පෙරටුගාමී සමාජවාදී පක්ෂය විරෝධය පළ කරයි.

ඉන්දියාව සමග සාකච්ඡා කර දැනට භාවිතයට ගත හැකි තෙල් ටැංකි 95ක් පවරාදීමට සූදානම්වන බවට බලශක්ති ඇමති උදය ගම්මන්පිල කළ ප්‍රකාශයට විරෝධය පළ කරමින් පෙ.ස.ප. අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මේ කරුණ ඉදිරිපත් කළේය. දැනට ඉන්දිය තෙල් සමාගමට තෙල් ටැංකි 4ක් පවරා දීමෙන් ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල වෙනස්වන විට ඇතිවන අර්බුදය ජනතාවට පීඩාකාරි බව පෙන්වා දෙමින් එම තත්වය තවදුරටත් බරපතළ කරමින් අධික ලාභ උපයන්නට ඉන්දියාවට මෙම තෙල් ටැංකි පවරාදීමට මෙරට පීඩාවට පත් ජනතාව මෙන්ම වැඩකරන ජනතාව සූදානම් නැති බව පෙ.ස.ප. අධ්‍යාපන ලේකම්වරයා පැවසීය.

ඉන්දිය විදේශ ඇමති ෂ්‍රිං ලා ලංකාවට පැමිණි අවස්ථාවේ මේ සම්බන්ධ අනතුරු ඇඟවීම් කළ විට උදය ගම්මන්පිල එය තරයේ ප්‍රතික්ෂේප කරමින් පුරසාරම් කියුවේ දැනට ඉන්දිය තෙල් සමාගමට පවරා ඇති තෙල් ටැංකි පවා ආපසු ගැනීමට කටයුතු කරන බවය. නමුත් දැන් ඉන්දියාවට මෙම අගනා ආර්ථික සම්පත පවරා දීමට ආණ්ඩුව සූදානම්වන බව පෙනී යයි. විවිධ කතා කීවද ඉන්දිය සමාගම්වලට මෙරට තෙල් ගබඩා කිරීමේ බලය පවරාදීම මෙහිදී සිදුවන බව පැහැදිලිය.

මෙම පසුබිම තුළ ආණ්ඩුව විසින් මෙම තෙල් ටැංකි පවරා දීමට උත්සාහ ගන්නවා නම්, ජනතාව ඒකරාශි කරමින් එවැනි පාවාදීමක් පරාජය කිරීම සඳහා සටන් වැදීමට තම පක්ෂය සූදානම් බව ඔහු අවධාරනය කළේය.