தமிழ்
English
Contact
Sunday 28th February 2021    
ත්‍රිකුණාමල තෙල් ටැංකි නැවත ලබාදීමට තීරණය කර නැහැ - ඉන්දීය රජය කියයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ත්‍රිකුණාමල තෙල් ටැංකි නැවත ලබාදීමට තීරණය කර නැහැ – ඉන්දීය රජය කියයි



ති‍්‍රකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ආපසු ශී‍්‍ර ලංකාවට පවරන බවට එකඟවීමක් සිදු නොවූ බව ඉන්දීය රජය හෙළි කර ඇත.

මෙම තෙල් ටැංකි සමූහය ශී‍්‍ර ලංකාවට ලබාදීමට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බැග්ලේ එකඟ වූ බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප‍්‍රකාශ කර තිබිණි.

එහෙත් ඉන්දීය රජය පැවසුවේ මේ තෙල් ටැංකි සමූහය ගැන තවදුරටත් සාකච්ඡා පැවැත්වෙන බවයි. 2015 වසරේ මැයි මස ද ශී‍්‍ර ලංකා රජය මෙම තෙල් ටැංකි ලබා ගැනීමට දැරූ උත්සාහය ව්‍යාර්ථ විය.

2003 වසරේදී එවකට පැවැති රජය විසින් මෙම තෙල් ටැංකි ඉන්දීය අයි. ඕ. සී. සමාගමට පැවරීමේ ගිවිසුමක් අත්සන් කරනු ලැබීය. ඉන්දීය රජය ති‍්‍රකුණාමල තෙල් ටැංකි ශී‍්‍ර ලංකාවට ලබාදීමට එකඟ වූයේ නැතැයි ඉන්දිය නිව්ස්ඒෂියා වෙබ් අඩවිය ද තහවුරු කර ඇත.

බලශක්ති අමාත, සම කැබිනට් ප්‍රකාශක උදය ගම්මන්පිල මහතා පසුගියදා පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සඳහන් කළේ අදාල තෙල් ටැංකි සංකීර්ණය නුදුරේදීම ශ්‍රී ලංකාවට ලැබෙන බවයි. ඒ අනුව එම තෙල් ටැංකි භාවිතා කරමින් ත්‍රිකුණාමලය ආසන්න මුහුදේ ගමන් කරන නෞකාවලට ඉන්ධන සැපයීමටද ශ්‍රී ලංකාවට අවස්ථාව හිමිවන බව අමාත්‍යවරයා සඳහන් කර තිබුණි.