தமிழ்
English
Contact
Sunday 28th February 2021    
ත්‍රි'මලය තෙල් ටැංකි හවුලේ පාවිච්චියට ඉන්දියාව සමග ගිවිසුමක්! - අර්ජුන රණතුංග | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ත්‍රි’මලය තෙල් ටැංකි හවුලේ පාවිච්චියට ඉන්දියාව සමග ගිවිසුමක්! – අර්ජුන රණතුංග



ත්‍රිකුණාමල තෙල් ටැංකි පද්ධතියෙන් ඉන්දිය තෙල් සමාගම භාවිත කරන ටැංකි 16ට අමතර ටැංකි නවීකරණය කර හවුලේ භාවිත කිරිමේ ගිවිසුමක් කෙල් සංස්ථාව විසින් අත්සන් කරන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමති අර්ජුන රණතුංග කියයි.

ඇමතිවරයා පවසන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ ඉන්දිය සංචාරයෙන් පසුව ඇතිකරගෙන ඇති ද්විපාර්ශ්වික එකගතා අනුව මින් පෙර ඇතිකරගත් හවුල් ව්‍යාපෘති ගිවිසුම් ප්‍රකාරව තෙල් ටැංකි ව්‍යාපෘතියද හවුලේ ක්‍රියාත්මක වන්නට නියමිත බවයි. ඒ අනුව තෙල් ටැංකි 15ක් නවීකරණය කර තෙල් සංස්ථාවට භාරදීමට නියිමතවන අතර තවත් ටැංකි 69ක් නවීකරණය කර භාවිතයට ගැනීමේ ව්‍යාපෘතියක් තෙල් සංස්ථාව සහ ඉන්දිය තෙල් සමාගම විසින් ආරම්භ කරන්නට නියමිතය.

තෙල් අලෙවි ඒකාධිකාරයක් පැවති සමයේ ඛනිජ තෙල් සංස්ථාව විසින් මෙම තෙල් ටැංකි භාවිතයට ගෙන නොමැති නමුත් ඉන්දිය තෙල් සමාගමට පැවරීමෙන් එම සමාගම අති විශාල වාසියක් අත්පත්කරගෙන ඇත. ඉතිරි තෙල් ටැංකි හවුලේ භාවිත කිරීමෙන්ද වාසි අත්පත්කරගන්නට හැකියාවක් හිමිවන්නේ ඉන්දිය තෙල් සමාගමට බව ඛනිජ තෙල් සංස්ථා සේවකයෝ පෙන්වා දෙති.

ආණ්ඩුව විසින් විදේශ රටවලට ආර්ථික සම්පත් පවරා දෙන ප්‍රකිපත්තිය යටතේ මෙම ගනුදෙනුව සිදුකළද එයින් ාතල් මිල අඩු කිරීම හෝ සංස්ථාවට වැඩි ලාභ හිමිකරගැනීම යන කිසිවක් හිමි නොවනු ඇති බව එම චෝදනා කරන සේවක වෘත්තිය සමිති පවසයි.