தமிழ்
English
Contact
Wednesday 19th September 2018    
තායිලන්ත ළමයින් මුදා ගැනීමේ මෙහෙයුමේ කිමිදුම්කරුවකු  මියයයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

තායිලන්ත ළමයින් මුදා ගැනීමේ මෙහෙයුමේ කිමිදුම්කරුවකු  මියයයි



තායිලන්තයේ ගුහාවල අතරමංව සිටි ළමයින් පිරිස මුදවා ගැනීමට ගිය එරට නාවික කිමිදුම් කරුවකු මියගොස් අති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙසේ මියගොස් ඇත්තේ තායිලන්තයේ සීල් බලකායට  අනුයුක්තව සිටි සමන්  කුනාන් නැමැති 38 හැවිරිදි වි්ශ්‍රාමික සොල්දාදුවකු බව වාර්තාවේ ඔහු මෙම මුදවා ගැනීමේ කාර්යය සදහා ස්වේච්ඡෘවෙන් ඉදිරිපත්වී මෙහෙයුමේ නිතරව සිටියදී හදිසියේ ඔහුට ලබාදුන් ඔක්සිජන් සැපයුම ඇණහිටීම හේතුවෙනි.

පසුගිය දා තායිලන්තයේ පාසල් පාපන්දු කණ්ඩායමක සිසුන් 12 දෙනෙකු සිය පුහුණුකරු සමග එරට ප්‍රසිද්ධ ක්ලුම් ලුම් ගුහා සංකීර්ණය නැරඹීමට ගොස් තිබේ. මෙම ගුහා පද්ධතිය ජලයයෙන් පැතිකිහිපයක් වැසී තිබෙන අතර නැරඹීමට ගොස් පිටවීමට නොහැකිව එම ගුහාවල අතරමංවූහ.

 දින කිහිපයක් තිස්සේ ඔවුන් පිළිබද කිසිදු තොරතුරක් නොමැතිව සිය දෙමාපියන් හා බාර කරැවන් මහත කැළඹීටත් ව්‍යාගූලත්වයත් පවත්ව සිටියහ. පසුව මේ පිලිබදව තායි බලධාරීන් ජාත්‍යන්තර සහාය පවා අපේක්ෂා කරමින් සිය ගලවා ගැනීමේ මෙහෙයුම් ආරම්බ කළේය.

දින කිහිපයකට පසුව බ්‍රිතාන්‍ය කිමිදුම්කරුවන් හා තායිලන්ත පිහිණුම්කරුවන් හා තවත් විදෙස් රටවල කිමිදුම්කරුවන්ගෙන් සමන්විත කණ්ඩායමක් අතුරුදහන්වූ කණ්ඩායම සොයා මෙහෙයුමක් දියත් කළේය. පසුව බ්‍රිත්‍යන්‍ය ජාකත කිමිදුම්කරුවන් විසින් එම පිරිස සිටි ස්ථානයට ළගාවී ඔවුන් ජීවත්ව සිටින බව ලොවට හෙළීකළේය.

මෙම ළමුන් සියලු දෙනාම වයස අවුරැදු 11-16 අතර පසුවේ.ඔවුනගේ පුහුණුකරු පමණක් විසිපස් හැවිරිදිය. මොවුන් භූගත ගුහාව නැරඹීමට ගිය පසු එම ප්‍රදේශයට අධික වර්ෂාව ලැබීම හේතුවෙන් ඔවුන් ගුහාවට ඇතුළු වූ ස්ථානය ජයයෙන් යටව ගොස් තිබේ.

 මේ හේතුවෙන් ඇතුලේ සිරවීසිටි පිරිසට පිටතට පැමීණීමට මාර්ගයක් නොවීය. පසුව ඔවුන් රැදී සිටි ස්ථානයද ක්‍රමයෙන් ජලයෙන් යටවීමට පටන් ගැනීමත් සමග ඔවුන් සියලු දෙනා ගුහාවේ ජලය පිරෙන ප්‍රදේශයෙන් ඉවත්ව ගුහාවේ ඉහළ ස්ථානයකට ගමන් කොට තිබේ.

මේ හේතුවෙන් ඔවුන් සිටි ස්ථානය පිළිබදව කිසිදු අදහසක් ගලවා ගැනීම සදහා පැමිණි කිමිදුම් කරුවන්ට නොවීය. කෙසේ වෙතත් දින කිහිපයකට පසුව ඔවුන්  ස්ථානය සොයා ගැනීඹට හැකි වුනි. නමුත් ඔවුන්ව පිටතට ගැනීමේ මාර්ගයක් නොවීය. මන්ද ඒ වන විට ඔවුන් කිලෝ මීටර් කිහිපයක් ගුහාවේ අභ්‍යන්තරයට ගමන් කිරීමත් ගුහාවේ පිටතට පැමීනීමට හැකිස්ථානය තවදුරටත් ජයයෙන් යටවීම හේතුවෙන් ගලවා ගැනීමේ මෙහෙයුම දියත් කළ තායි බලධාරීන්ට බරපතල දුෂ්කරතාවයකට මුහුණපෑමට සිදුවිය.




Related News