தமிழ்
English
Contact
Tuesday 24th November 2020    
තැපැල් ඡන්ද සහ නීතිමය පියවර හමුවේ අමෙරිකානු ජනාධිපතිවරණයේ ප්‍රතිඵල දින ගණනක් ප්‍රමාදවන ලකුණු | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

තැපැල් ඡන්ද සහ නීතිමය පියවර හමුවේ අමෙරිකානු ජනාධිපතිවරණයේ ප්‍රතිඵල දින ගණනක් ප්‍රමාදවන ලකුණු



අමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලයක් ලබාදීම තවදුරටත් පමාවන අතර තැපැල් ඡන්ද ගැනීම නිරෝධායන පිළිවෙත අනුව සිදු කිරීමේදී දින ගණනක් ගතවීමේ තත්වයක් ඇත.

ජනාධිපතිවරණයෙයන් ජයග්‍රහණය කිරීමට ආසන 270ක ජයක් හිමිකර ගත යුතු වුවද මේ වනවිට එය ඩොනල්ඩ් ට්‍රම්ප් ආසන 213ක් සහ ජෝ බයිඩන් ආසන 238 පමණක් ලබාගෙන ඇත .
මේ අතර මැතිවරණය සම්බන්ධ අක්‍රමිකතා චෝදනා ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මතුකර තිබෙන නිසා ඔහු අධිකරණයට ගිය හොත් ප්‍රතිඵල නිකුත් කිරීම එම හේතුව නිසාද ප්‍රමාද විය හැකි බව එක්සත් ජනපද දේශපාලනය පිළිබඳ නිරීක්ෂකයෝ පවසති.

එක්සත් ජනපදයේ මැතිවරණ ක්‍රමය අනුව, ජනතා ඡන්දයෙන් බහුතරය හිමිකර ගන්නා පමණින් අපේක්ෂකයා ජයග්‍රහණය කරන්නේ නැත. ඒ වෙනුවට ‘මැතිවරණ විද්‍යාල‘ ක්‍රමයේ බහුතර ප්‍රතිඵලයද ජයග්‍රහණය කිරීමට අපේක්ෂකයකු විසින් හිමිකර ගැනීම අවශ්‍ය වේ. මෙම මැතිවරණ විද්‍යාල ක්‍රමය යනු එක් එක් ප්‍රාන්තයේ ජන අනුපාතය අනුව ප්‍රකාශ කිරීමට හැකිවන ඡන්ද සංඛ්‍යාවක් පදනම් කරගෙන සිදුවන ක්‍රියාවලියේ අවසන් ප්‍රතිඵලයයි.