Posted on 09.15.2020 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
හිටපු එල්ටීටීඊ නායකයෙකු වන රාසයියා ප්රදීපන් හෙවත් තිලීපන් සැමරුම් උත්සවයක් සංවිධානය කිරීම හේතුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්රී එම්.කේ. සිවාජිලිංගම් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. නීතිවිරෝධී සැමරුම් උත්සවයක් සංවිධානය කිරීම යන චෝදනාව යටතේ කෝපායිහිදී හිටපු මන්ත්රීවරයා පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.
තිලීපන් සමරා උත්සව හෝ පෙළපාලි පැවැත්වීම තහනම් කරමින් යාපනය අධිකරණය ඊයේ තහනම් නියෝගයක් නිකුත් කර තිබුණි.