தமிழ்
English
Contact
Tuesday 3rd August 2021    
තුන්වන මාත්‍රාවක් අවශ්‍ය නම් ගෙන්වන්න - ජනාධිපති එන්නත්කරණය ගැන උපදෙස් දෙයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

තුන්වන මාත්‍රාවක් අවශ්‍ය නම් ගෙන්වන්න – ජනාධිපති එන්නත්කරණය ගැන උපදෙස් දෙයි



වසංගතය හමුවේ සෞඛ්‍ය විශේෂඥයින් ගතයුතු තීරණ දේශපාලනඥයන් විසින් ගැනීම දිගින් දිගටම දක්නට ලැබේ. දේශපාලන සෞඛ්‍ය නිර්දේශ අනුව, ලෝක තත්ත්වය සලකා එන්නත්කරණයට තුන්වන මාත්‍රාවක් අවශ්‍ය නම් එය දැන්ම ඇණවුම් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කර තිබේ.

කොවිඩ් මර්දන විශේෂ කමිටුව අද (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ රැස් වූ අවස්ථාවේ ජනාධිපතිවරයා අදාළ අංශ වෙත උපදෙස් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර සිටියි.

එසේම මේ වනවිට එන්නත් විශාල ප්‍රමාණයක් ලැබී ඇති හෙයින් වයස අවුරුදු 60ට වැඩි සියලුදෙනාට සහ හඳුනාගත් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන්ට ද කඩිනමින් එන්නත ලබා දිය යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසා සිටියි.

ඊට සමගාමීව බෝ නොවන රෝගවලින් පෙලෙන සියලුදෙනාටද එන්නත ලබාදීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.

ජනාධිපතිවරයාගේ සිට ඇමතිවරු ප්‍රාදේශීය දේශපාලනඥයින් දක්වා මේ ආකාරයේ විවිධ තීරණ ගනිමින් සිටියි. සෞඛ්‍ය ක්ෂේත්‍රය ගැන දැනුමක් නොමැති ඔවුන් එවැනි තීරණ ගැනීම හරහා වසංගත පාලනය තව තවත් අවුලකට පත්වීම හැර වෙනත් දෙයක් සිදුවීමට ඉඩක් නැති බව නම් මේ අනුව පැහැදිලිය.