தமிழ்
English
Contact
Tuesday 3rd August 2021    
තුන්වැනි රැල්ල අවසන් නෑ, ලිහිල් කිරීම් අවදානම්! - වෛද්‍ය සුසී පෙරේරාගෙන් අනතුරු ඇඟවීමක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

තුන්වැනි රැල්ල අවසන් නෑ, ලිහිල් කිරීම් අවදානම්! – වෛද්‍ය සුසී පෙරේරාගෙන් අනතුරු ඇඟවීමක්



කොරෝනා තුන්වැනි රැල්ල තවම අවසන්ව ඇතැයි තීරණය කළ නොහැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය) විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා අනතුරු අඟවයි.

බොහෝ දෙනා මේ වනවිට තුන්වෙනි රැල්ල අවසන් යැයි උපකල්පනය කරමින් ක්‍රියා කළද එය බරපතළ වරදක් වනු ඇති බවද වසංගතය මෙම තත්වයේ සිට පාලනය කිරීමේ අවස්ථා ගිලිහී යාමට ඉඩ ඇති බවද ඇය සඳහන් කළාය.
එපමණක් නොව, උත්සන්න වූ වෛරස් ආසාදන රැල්ලක් තිබියදීම තවත් රැල්ලක් මතුවිය හැකි යැයි පැවසූ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරිය ඩෙල්ටා කොරෝනා වයිරසය විවිධ තැන්වලින් හමුවෙන නිසා එය වැඩි දෙනෙකුට පැතිරී යෑමේ හැකියාවක් තිබෙන බවද කීවාය.