தமிழ்
English
Contact
Monday 18th February 2019    
තුර්කි දුම්රිය අනතුරකින් පුද්ගලයෝ 10ක් මියයති | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

තුර්කි දුම්රිය අනතුරකින් පුද්ගලයෝ 10ක් මියයති



ඊයේ තුර්කියේ දුම්රියක් පීළිපැණීම හේතුවෙන් පුද්ගලයෝ 10 දෙනෙකු මියගොස් තවත් 73ක් පමණ තුවාල සිදුව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

මෙම දුම්රිය පීළිපැණීම සිදුව ඇත්තේ ග්‍රීක දේශසීමාව ආසන්නයේදීය. මෙම සිදුවීමෙන් දුම්රියේ මැදිරි පහක් ඉවතට විසීවී ඇති බවත්, ඒ වන විට එම ප්‍රෙද්ශයට අධික වැසි පැවැතිම හේතුවෙන් ඔවුන් මුදවාගැනීම මෙහෙයුම් සදහා බාධා පැමිණ ඇති බව එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දේ.

මෙම දුම්රිය එඩ්මේ පලාතේ සිට  ස්ථාන්බූල් අගනුවර දක්වා ගමන් කරමින් සිටින අතර තුර මෙම අනතුරට ලක්ව ඇත.