தமிழ்
English
Contact
Friday 14th August 2020    
තුර්කි මර්දනයට එරෙහි ගිටාර් වාදකයාගේ ආහාර වර්ජනයට දින 300යි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

තුර්කි මර්දනයට එරෙහි ගිටාර් වාදකයාගේ ආහාර වර්ජනයට දින 300යි!



තුර්කියේ Group Yorum විරෝධාකල්ප සංගීත කණ්ඩායමේ සාමාජික, ගීටාර් වාදක, හලීල් ඊබ්‍රාහිම් ගෝක්සෙක් සිරකුටියේ උපවාසයට දින 300ක් ඉකුත්ව ඇත.

Group Yorum කණ්ඩායමට එරෙහිව තුර්කියේ ජනාධිපති එර්ඩොගන්ගේ පාලනය යටතේ මර්දන ක්‍රියාදාමය ආරම්භ වන්නේ ඔවුන් තුර්කියේ තහනම් දේශපාලන පක්ෂයක්වන ‘විප්ලවකාරී මහජන විමුක්ති පෙරමුණ’ සමඟ සම්බන්ධ බවට චෝදනා කරමිනි. තුර්කි රජය විසින් 2016 හදිසි නීතිය පනවමින් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් අහෝසි කිරීමේදී දේශපාලන සංවිධානවල සාමාජිකත්වය දැරීමේ නිදහස මෙන්ම භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසද අහිමි කෙරිණි. Group Yorum කණ්ඩායමේ ප්‍රසංග තහනම් කරන ලද අතර වරින්වර ඔවුන් පැවැත්වූ ප්‍රසිද්ධ රැස්වීම් හා සාකච්ඡා අවහිර කර අත්අඩංගුවට ගැනීම් සිදුවිය. රාජ්‍ය මර්දනයට එරෙහිව සංගීත කණ්ඩායමේ සාමාජික පිරිසක් විසින් ආහාර වර්ජනය ආරම්භ කළේ 2019 මැයි මාසයේදීය. ජූනි මසදී සිරගතව සිටි හෙලන් සහ ඊබ්‍රහිම් ආහාර වර්ජනයට එක් වූහ. එහිදී ලෝකයන් එල්ල වූ විරෝධය සළකා 2019 නොවැම්බර් මාසයේ තුර්කි ආණ්ඩුව විසින් හෙලන් බොලෙක් නිදහස් කළ නමුත් ඇය දිගටම ආහාර වර්ජනයේ නිරත වූවාය. ගායිකා හෙලන් බොලෙක් දින 288ක් ආහාර වර්ජනයේ යෙදී සිට පසුගිය 3 වැනිදා මරණයට පත් වූවාය.
මේ වනවිට ඊබ්‍රහිම් දින 300ක් ආහාර වර්ජනයේ සිටිමින් අතිශය දුර්වල සෞඛ්‍ය තත්වයක පසුවේ. ලෝකය පුරා විවිධ සංවිධාන හා පුද්ගලයන් විසින් ඔහුගේ නිදහස වෙනුවෙන්ද තුර්කියේ මර්දනකාරී පිළිවෙතට එරෙහිවද ගෙන යන උද්ඝෝෂණය හමුවේ එර්ඩොගන් පාලනයෙන් කිසිදු වෙනසක් සිදුව නැත.


Group Yorum සංගීත කණ්ඩායමේ විරෝධතාවයට සහයෝගය දෙන
තුර්කි වාමාංශිකයන්ගේ උද්ඝෝෂණයක්
Group Yorum සංගීත කණ්ඩායමේ නිදහස වෙනුවෙන්
උපවාසයේ යෙදී මිය ගිය හෙලින් බොලෙක්