Posted on 01.17.2022 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
තෙල් සංස්ථාව විසින් විදුලි උථ්පාදනය සඳහා අවශ්‍ය ඉන්ධන සපයන්නේ නැතිනම් ලබන අඟහරුවාදා(18) සිට විදුලිය බලය සැපයීමේ හැකියාවක් නොමැති බව බලශක්ති ඇමති ගාමිණි ලොකුගේ පවසයි.
ජනවාරි 22 වැනිදා තෙක් මෙසේ ඉන්ධන සැපයීමෙන් ඉවත් වුවහොත් මෙවැනි තත්වයක් උදාවන බව ඇමතිවරයා පැවසී්‍ය.
මෙට්‍රික් ටොන් 3000ක් ඉන්ධන විදුලි බල මණ්ඩලයට ලබාදීමට තෙල් සංස්ථාව පියවර ගැනීම හේතුවෙන් 18 දක්වා විදුලිය සැපයිය හැකි නමුත් ඉන් ඉදිරියට කුමක් කරන්නේදැයි සැලැස්මක් නැති බව ගාමිනි ලොකුගේ පවසයි. තෙල් සංස්ථාව සම්බන්ධ ගැටලු විසඳන්නට නොහැකි නමුත් ණයට තෙල් ලබාගැනීමෙන් විදුලිය බල ශක්තිය අවදානමට ඇද දමා ඇති බව අනාවරණය වේ.