தமிழ்
English
Contact
Monday 6th July 2020    
තෙල් මිල ඉහළට | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

තෙල් මිල ඉහළට



ඉන්ධන මිල ඊයේ (11) මධ්‍යම රාත‍්‍රීයේ සිට වැඩිවන බව මුදල් අමාත්‍යංශයේ ප‍්‍රකාශකයකු පැවසීය.

ඉන්ධන මිල සූත්‍රයට අනුව සෑම මසකම 10 වැනිදාට සිදුකරන මිල සංශෝධනය ප්‍රකාරව මෙම මිල ඉහල දැමීම සිදුකර ඇත.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ ප්‍රෙට්ට‍්‍රල් ලීටරය මිල රුපියල් 6 -කින්ද, ඔක්ටේන් 95 වර්ගයේ ප්‍රෙට්ට‍්‍රල් ලීටරය මිල රුපියල් 5 කින්ද සුපිරි ඞීසල් ලීටරය මිල රුපියල් 8 කින්ද ඔටෝ ඞීසල් ලීටරයක මිල රුපියල් 4 කින්ද වැඩි වන බව එම ප‍්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.

රුපියල් 123 ක මුදලකට අලෙවි කළ ඔක්ටේන් 92 වර්ගයේ ප්‍රෙට්ට‍්‍රල් ලීටරයක නව මිල රුපියල් 129 ක් වන අතර රුපියල් 147 ක මුදලකට අලෙවි කළ ඔක්ටේන් 95 වර්ගයේ ප්‍රෙට්ට‍්‍රල් ලීටරය නව මිල රුපියල් 152 ක් වේ.

රුපියල් 118 ක මුදලකට අලෙවි කළ සුපිරි ඞීසල් ලීටරයක නව මිල රුපියල් 126 ක් වන අතර රුපියල් 99 ක මුදලකට අලෙවි කළ ඔටෝ ඞීසල් ලීටරයක නව මිල රුපියල් 103 ක් වේ.