Posted on 10.11.2018 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
තෙල් මිල ඉහළ යාමට හේතුව බදු නොව ගෝලීය තෙල් අර්බුදය බවත් ඉදිරියේදී තෙල් මිල තවත් ඉහළ යා හැකි බවත් අගමැතිවරයා ඊයේ (10) පරිලිමෙන්තුවේදී ප්‍රකාශ කර තිබේ.
අගමැතිවරයා මෙලෙස ප්‍රකාශ කරනු ලැබුවේ ඉන්ධන මිල සූත්‍රය පාර්ලිමේන්තුවේ සභාගත කරන ලෙස ඉල්ලමින් පාර්මේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමිනි.
එහිදී අගමැතිවරයා ඇමරිකාව විසින් ඉරානය වෙත පනවා ඇති ආර්ථික සම්බාධක හේතුවෙන් තෙල් මිල තවත් ඉහළ යා හැකි බැවින් අප සිතා බැලිය යුත්තේ මෙම ගෝලීය අර්බුදයට මුහුණ දෙන්නේ කෙසේද යන්න ගැන මිස තෙල් සූත්‍රය පිළිබඳ නොවන බව ප්‍රකාශ කරනු ලැබීය.
එසේම ශ්‍රී ලංකාවට ඇමරිකාව සහ චීනය අතර වන වෙළඳ යුද්ධයද බලපෑමක් සිදුවිය හැකි බවද ඔහු පවසා තිබේ.
සූත්‍රය අනුව මෙහෙයුම් ගාස්තු, මෙහෙයුම් පිරිවැය, නල මාර්ග ගාස්තු, වාෂ්පීකරණයෙන් අහිමිවන ඉන්ධන පිරිවැය, ගබඩා පිරිවැය සහ අලෙවි නියෝජිතයන් සඳහා දෙනු ලැබූ කොමිස්, බදු යන සියල්ල මිල තීරණය කිරීම සැලකිල්ලට ගන්නා බවද රනිල් වික්‍රමසිංහ මෙහිදී පැවසීය.
එසේම පෙට්‍රල් සඳහා රු 68.02 ද ඩීසල් සඳහා 34.58ද බද්දක් අයකිරීමේ යම් වෙනසක් සිදුකර මිල ස්ථාවරව තබා ගත හැකි නොවේදැයි අනුර කුමාර විමසු අවස්ථාවේ අගමැතිවරයා එයට පිළිතුරක් ලබා දෙනු දක්නට නොලැබුණි.
ඉන්ධන මිල තීරණය කිරීම සඳහා පසුගියදා මිල සූත්‍රයක් යොදා ගන්නා බව ආණ්ඩුව පැවසු අතර එම සූත්‍රයට අනුව සෑම මසකම 10වන දින ඉන්ධන මිල සංශෝධනය කෙරෙන බව පැවසිණි. එසේම මීට මාස කිහිපයකට ඉහතදී මිල සූත්‍රය හඳුන්වා දෙනු ලැබූ එක් හේතුවක් වූවේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මූල්‍ය තත්ත්වය ඉහළ නැංවීම සඳහා ඉන්ධන මත පනවා තිබෙන බදු ඉවත් කරන්නැයි භාණ්ඩාගාරයෙන් කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඒ සඳහා විකල්පයක් ලෙසයි. අවසානයේ ගෝලීය අර්බුද, මිල සූත්‍ර ගැන නිෂ්ඵල කතා කියමින් ජනතාව මත තව තවත් බර පැටවීම හැර බදු අඩුකිරීමේ කිසිදු අදහසක් ආණ්ඩුවට නොමැති නිසා බව මේ සියල්ල හරහා පැහැදිලි වෙමින් පවතියි.