தமிழ்
English
Contact
Tuesday 25th June 2019    
තෙල් මිල සූත්‍රය, ජනතාවගේ අපට බැණුම් අස්සන එකක් ! - ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

තෙල් මිල සූත්‍රය, ජනතාවගේ අපට බැණුම් අස්සන එකක් ! – ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන



ලංකාවේ භාවිත කරන තෙල් මිල සූත්‍රය සම්බන්ධයෙන් නැවත සළකා බැලිය යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අද (14) මාධ්‍ය ආයතන ප්‍රධානින් හමු වූ අවස්ථාවේ පවසා ඇත.

ලෝකයේ විවිධ රටවල් තෙල් මිල පාලනය කරන්නේ මේ ආකාරයේ මිල සූත්‍ර ක්‍රමයෙකින් බව පවසමින් ඇමතිවරයා මෙම ක්‍රමය ක්‍රියාවට නැගූ බව පවසන ජනාධිපතිවරයා එහි වාසියක් නැතිනම් ඒ ගැන නැවත සළකා බැලිය යුතු බව පවසයි. මෙම මිල සූත්‍රෙයන් තමන්ට දිනපතාම ජනතාවගේ බැණුම් අහන්නට සිදුව ඇති බව පැහැදිලි යැයි ඔහු පවසා ඇත. ඒ අනුව තවදුරටත් පවත්වාගෙන යනවාද එසේ නොමැතිනම් එය සංශෝධනය කරනවාද යන්න පිළිබඳව ඉදිරි අයවැය යෝජනාවලියේදි තීරණයක් ගන්නා බව ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත.