தமிழ்
English
Contact
Wednesday 21st August 2019    
තේරීම් කාරක සභාවට විරෝධය පා කැබිනට් රැස්වීම් නෑ - විරෝධය නොතකා කාරක සභාව රැස්වෙයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

තේරීම් කාරක සභාවට විරෝධය පා කැබිනට් රැස්වීම් නෑ – විරෝධය නොතකා කාරක සභාව රැස්වෙයි



පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කටයුතු නතර කරන තෙක් කැබිනට් රැස්වීම් නොපැවැත්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තීරණය කර ඇති බව වාර්තා වේ. ඒ අනුව සතියේ අඟහරුවාදා පෙරවරුවේ සුපුරුදු පරිදි පැවැත්වෙන කැබිනට් රැස්වීම අද (11) දිනයේ නොපැවැත්වේ.

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව තවදුරටත් මේ ආකාරයෙන් කටයුතු කරන්නේ නම් තමාට කැබිනට් මණ්ඩල රැස්වීමටද සහභාගි විය නොහැකි බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ඉකුත් සිකුරාදා (07) රාත්‍රීයේ පැවති විශේෂ කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර තිබිණි.

ඉකුත් සිකුරාදා පැවැති විශේෂ කැබිනට් රැස්වීම් වාර්තාව ඇමැතිවරුන් වෙත යවා තිබූ අතර අද(11) කැබිනට් රැස්වීම නොපැවැත්වෙන බව එහි සඳහන් කර තිබී ඇතැයිද දැනගන්නට තිබේ.

මේ අතර ජනාධිපතිවරයාගේ විරෝධය නොතකා පාර්ලිමේන්තු කාරක සභාව අද සහ හෙට (11,12) රැස්වීමට නියමිතය. කාරක සභාව හමුවේ අද පෙනී සිටීමට නියමිතව ඇත්තේ බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාත් සාලි, සමස්ත ලංකා ජමයියතුල් උලමා සංවිධානයේ සභාපති මොහොමඩ් ඊබ්‍රහිම් මොහොමඩ්, සහ කාත්තන්කුඩි මුස්ලිම් පල්ලි හා ආයතන සංවිධානයේ මහ ලේකම් මවුලවි එස්.එම්.එම් රමේෂ් යන අයයි.

මේ තිදෙනාම තවුහිද් ජමාත් සංවිධානය පිළිබඳ ආරක්ෂක අංශවලට පැමිණිලි ඉදිරිපත් කළ අය බව වාර්තා වේ.