தமிழ்
English
Contact
Thursday 21st March 2019    
තේ කම්හල් වැසීයාමේ වගකීම හාම්පුතුන් හා පාලකයන් භාරගත යුතුයි- එක්සත් වතු කම්කරු සම්මේලනය | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

තේ කම්හල් වැසීයාමේ වගකීම හාම්පුතුන් හා පාලකයන් භාරගත යුතුයි- එක්සත් වතු කම්කරු සම්මේලනය



බදුල්ල දිස්ත්‍රික්කයේ තේ කර්මාන්තශාලා 79 ක් අතරින් 28 ක් ම මේ වනවිට වැසී ගොස් තිබෙන බවත් එක්සත් වතු කම්කරු සංගමයේ මහ ලේකම් ඒ.මුත්තුලිංගම් පවසා තිබේ.
තේ නිෂ්පාදනයේ විශාල දායකත්වයක් පෙන්නුම් කළ බදුල්ල දිස්ත්‍රික්කයේ තේ කර්මාන්තශාලා වසා දමා ඇති තත්වය යටතේ මේ වනවිට තේවතු ගණනාවක නෙළන තේදලු වෙනත් දරින් පිහිටි තේ කර්මාන්තශාලා වෙත ගෙනයාමට සිදුව ඇත. තේ කර්මාන්තයේ වසර ගණනාවක සිට සිදුවෙමින් පවතින කඩාවැටීම්වලට හේතු ලෙස ඔහු දක්වන්නේ පෞද්ගලිකකරණයේදී වතු පාලනය අතට ගත් සමාගම් මෙන්ම ධනවත් හාම්පුතුන් වතු කම්කරුවන්ගේ සුබසාධන හා ආර්ථික තත්වය කෙරෙහි නොසැලකිල්ලක් දැක්වීමය. දීර්ඝ කාලයක් රාජ්‍ය වැවිලි සංස්ථාව යටතේ පාලනය වූ තේ කර්මාන්තය 1992 වසරේ එ.ජා.ප. ආණ්ඩුවේ ප්‍රතිපත්තිය මත පෞද්ගලීකරණය කිරීම සිදුවිය. ඉන්පසුව 2004 වසරේ එ.ජ.නි.ස. පාලනය යටතේ ඇතැම් වතු පෞද්ගලික පාර්ශවයන්ට වසර 50ක කාලයක් බදු දීම සිදු කෙරිණි. වතු වැවිලි ක්ෂේත්‍රෙය් සංවර්ධනය හා ශ්‍රමිකයන්ගේ ජීවන තත්වය පිළිබද නොසළකා හුදු ව්‍යාපාරික මට්ටමෙමන් පාලකයන් ගත් තීරණ නිසා වතු කර්මාන්තයේ දැවැන්ත පරිහානියක් සිදුව තිබේ.
එසේම වතුකම්කරුවන්ගේ ශ්‍රමයට සරිලන වැටුපක් නොගෙවීම හේතුවෙන් වතුකම්කරුවන් වතු සේවයෙන් ඈත්වීම නිසා තේ කර්මාන්තය පිරිහී යමින් තිබේ. වසර 10කට පෙර ලක්ෂ තුනකට අාසන්න වතු කම්කරු ප්‍රමාණය මේ වසරවන විට ලක්ෂ එකහමාර දක්වා පහත වැටී ඇත.