தமிழ்
English
Contact
Tuesday 25th January 2022    
තේ නිෂ්පාදනයේ අඩු වීමක් ගැන අනාවැකි පළ වේ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

තේ නිෂ්පාදනයේ අඩු වීමක් ගැන අනාවැකි පළ වේ!



2022 වසර තුළ ලංකාවේ තේ නිෂ්පාදනය 2020 කිලෝග්‍රෑම් මිලියන 278.9 නිෂ්පාදනයේ සිට කිලෝග්‍රෑම් මිලියන 285-288 දක්වා 5%න් පහත වැටෙනු ඇතැයි අනාවැකි පළ වී ඇත.

පොහොර හිඟය හේතුවෙන් සමස්තයක් ලෙස රට තුළ වැවිලි ඇතුලු කෘෂි ක්ෂේත්‍රය මුහුණ දී ඇති පසුබෑම මේ ආකාරයට තේ කර්මාන්තයට බලපානු ඇත.

වී හැර අනෙකුත් බෝග සඳහා සීමිත වශයෙන් රසායනික පොහොර ආනයනය කිරීමට රජය අවසර දී ඇතත් පොහොර ආනයනකරුවන් පවසන්නේ ගෝලීය මිල ඉහළ යාම හේතුවෙන් පොහොර ආනයන ප්‍රමාණය අඩු විය හැකි බවයි.

2013 වසරේ වාර්තාගත කිලෝග්‍රෑම් මිලියන 340ක් දක්වා ඉහළ යාමෙන් පසු මෑත වසරවලදී තේ නිෂ්පාදනය තියුනු ලෙස පහත වැටී ඇත.