தமிழ்
English
Contact
Friday 14th August 2020    
තොණ්ඩමන් මරණයෙන් ඡන්ද ගරන ආණ්ඩුව, මහජන විරෝධයෙන් නිදහස්වීමට ඇඳිරි නීතිය පනවයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

තොණ්ඩමන් මරණයෙන් ඡන්ද ගරන ආණ්ඩුව, මහජන විරෝධයෙන් නිදහස්වීමට ඇඳිරි නීතිය පනවයි!



ආරුමුගම් තොණ්ඩමන්ගේ අවමංගල කටයුතු වතු ජනයාගේ ඡන්ද දිනාගැනීමේ අරමුණට යොදවන නිසා, එල්ලවන ජනතා විරෝධයෙන් හා අපවාදයෙන් මිදීමට නුවරඒලිය දිස්ත්‍රික්කයේ ඇඳිරි නීතිය පනවන්නට
ආණ්ඩුව කටයුතු කර තිබේ.

හෙට (30) දවස පුරා නුවරඒළිය දිස්ත්‍රික්කයේ පමණක් ඇඳිරි නීතිය ක්‍රියාත්මකවන අතර 31 වැනිදා හිටපු ඇමති තොණ්ඩමන්ගේ අවමංග්‍ල්‍ය හැටන්, නෝවුඩ් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන දිනයේ දිවයින පුරා ඇඳිරි නීතිය පෙර නිවේදනය කළ පරිදි බල පැවැත්වේ.

රට තුළ උත්සන්න වෙමින් පවතින කොරෝනා වසංගතය හේතුවෙන් අවමංගල්‍ය කටයුතු පාලනය කරමින් ආණ්ඩුව විසින්ම හඳුන්වාදුන් නිරෝධායන නීති නොතකා කටයුතු කිරීම දක්නට ලැබුණි. පාර්ලිමේන්තුවට හිටපු ඇමතිවරයාගේ මලසිරුර ගෙන ගිය අවස්ථාවේ ජනාධිපතිවරයා, අගමැතිවරයා මෙන්ම ආණ්ඩු පක්ෂයේ බොහෝ දෙනා මුඛ ආවරණ පැලඳිම හැරුණු කොට ඒ අවස්ථාව යොදාගෙන තිබුණේ කොරෝනා වසංගතය නොමැති අවස්ථාවක් ලෙසිනි. අවශ්‍යතා සඳහා මහාමාර්ගයේ යනවුන් මෙන්ම ඒදිනෙදා වෙළඳාමෙන් ජීවනෝපාය පවත්වාගෙන යන පුද්ගලයන්ට පොලිසිය හා මහජන පරික්ෂකවරු අවවාද කරන බැන වදින දර්ශන පසුගිය කාලය පුරාම මාධ්‍ය මගින් ප්‍රචාරය විය. ඒහෙත්, ආණ්ඩුවේ ප්‍රධානින් නිරෝධායන නීති නොතකා කළ හැසිරීම කිසිදු අවස්ථාවක පොලිස් නිලධාරින්ගේ හෝ සෞඛ්‍ය බලධාරින්ගේ අවධානයට ලක් වූයේද නැත. ඒසේ ප්‍රභූත්වය පදනම්කරගෙන පවත්වාගෙන යාමට ආණ්ඩුව විසින් සියලු වරප්‍රසාද ලබාදීම නිසා ජනතාවගේ අප්‍රසාදය හා කෝපය පළ වෙමින් තිබිණි.
මේ අතර වසංගත තත්වයද නොසළකමින් රාජ්‍ය අනුග්‍රහයෙන් අවමංගල්‍ය උත්සවය පැවැත්වීමේදී ඇත්ත වශයෙන්ම සිදුවන්නේ වතු ජනයාගේ අවධානය ආණ්ඩුවේ දිශාවට නතුකර ගැනීම නොවේදැයි ඇතැම් වෘත්තිය සමිති නායකයන් ප්‍රශ්නකර තිබේ.

ආණ්ඩුව ප්‍රකාශ කළේ අවමංග්‍ය කටයුතු 100 පමණ සහභාගි කරවුවද මීටරයක් දුරින් සිටීම, අත් සේදීම වැනි සනීපාරක්ෂක කටයුතු යොදාගත යුතු බවය. ඒහෙත් ප්‍රභූ අවමංගල්‍යයක් ලෙස උත්සවාකාරයෙන් සිදුකරන තොණ්ඩමන් අවමංග්‍ල්‍ය තුළ ඒවැනි පිළිවෙත් අනුගමනය නොකිරීමෙන් කොරෝනා ආසාදනය ව්‍යාප්ත වීමේ අනතුර සාමාන්‍ය ජනතාව විසින්ද අවධානයට ගෙන තිබිණි. ඉදිරි මහමැතිවරණයේදී වතු කම්කරු ජනයාගේ ඡන්ද ලබාගැනීමේ අරමුණින් ආණ්ඩුව තොණ්ඩමන්ගේ අවමංග්‍ය අවභාවිත කරන බවටද චෝදනා ඒල්ල විය. වතු කම්කරු ජනතාව වෘත්තිය සමිතියේ ගොනුකරගෙන සිටින බොහෝ වෘත්තිය සමිති නායකයන් සිදුකරන්නේ පවතින ආණ්ඩුවෙන් වරප්‍රසාද ගැනීමට ඒම ජනයාගේ ඡන්ද ලන්සුවට තැබීම බැවින් මෙම චෝදනාව ආණ්ඩුවට ගැලවීමට නොහැකිය. විශේෂයෙන් තොණ්ඩමන් මිය යාමට පැය කිහිපයකට පෙර අගමැති මහින්ද රාජපක්ෂ හමු වූයේ කුමන දේශපාලන කරුණු සාකච්ඡා ිරීමටද යන්න කම්කරු කොංගසයේ පාර්ශ්වයෙන් ප්‍රකාශ වී නැත. අගමැති මහින්ද ප්‍රකාශ කළේ වතු කම්කරු ජනයාගේ ප්‍රශ්න කතා කළ බව වුවද මේ දක්වා වතු කම්කරු වෘත්තිය සමිති නායකයන් ගැටලු සාකච්ඡා කළ කිසිදු අවස්ථාවක ඔවුන්ගේ දෛනික වැටුප රුත 1000ක් බවට පත්කිරීම, ඉඩම් හා නිවාස ප්‍රශ්න සම්බන්ධ ආණ්ඩු පාර්ශ්වයෙන් විසඳුම් ලැබී නැත. ආරුමුගම් තොණ්ඩමන් මහමැතිවරණයට නාම යෝජනා ලබා දෙමින් පළ කළ අදහස්වලදී පවා ආණ්ඩුවෙන් ඒවැනි ඉල්ලීම් ලබා දෙන බවක් පවසා නැත. මේ අනුව, අගමැතිවරයා පවසන කාරණය කෙලින්ම සම්බන්ධ වන්නේ තොණ්ඩමන්ගේ මරණය පාවිච්චි කරමින් වතු කම්කරු ජනයාගේ ඡන්ද දිනාගැනීමේ දිශාවටය.

කෙසේවෙතත් ආණ්ඩුව වතු කම්කරු ජනතාව දහස් ගනනින් රැස්වන තොණ්ඩමන් අවමංගල්‍ය වසංගතයට බලපාන ආකාරය සම්බන්ධ කරුණු අවධානයට ලෙන නැති බව පැහැදිලිය. මේ තත්වය යටතේ ඇඳිරි නීතිය පැනවීමෙන් පෙනී යන්නේ ඒම අවමංගල්‍ය කටයුතු පවත්වාගෙන යාමට හා ජනතාව අතර නොසන්සුන්තාව අවම කිරීමට ආණ්ඩුව විසින් මෙම තීරණය ගෙන ඇති බවය.