தமிழ்
English
Contact
Sunday 23rd February 2020    
තොණ්ඩමන් සහ ඇමරිකානු තානාපති නිලධාරීන් අතර විශේෂ හමුවක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

තොණ්ඩමන් සහ ඇමරිකානු තානාපති නිලධාරීන් අතර විශේෂ හමුවක්



මෙරට ඇමරිකානු නියෝජ්‍ය තානාපති මාටින් ඩි කේලි සහ ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක ආරමුගන් තොණ්ඩමන් අතර විශේෂ සකාච්ඡාවක් පසුගියදා (01) නුවරඑළිය ගොල්ෆ් ක්‍රිඩාංගණයේදි පැවැත්විණ.

රටේ පවතින වත්මන් දේශපාලන තත්ත්වය , ජනාධිපතිවරණය සහ වතුකරයේ ජනතාවට බලපාන ගැටලු සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර සාකච්ඡා පැවැත් වු බවයි ලංකා කම්කරු කොන්ග්‍රසයේ මාධ්‍ය අංශය පවසයි.

ලංකා කම්කරු කොන්ග්‍රසයේ මාධ්‍ය අංශය පවසන්නේ මෙරට ඇමරිකානු තානාපති කාර්යාලයේ ආරාධනාවක් අනුව තොණ්ඩමන් එම සාකච්ඡාවට සහභාගි වු බවත්, පැයකට ආසන්න කාලයක් දෙපාර්ශවය අතර සාකච්ඡා පැවැත්වුණු බවයි .

මෙම සාකච්ඡාවට මෙරට ඇමරිකානු තානාපති කාර්යාලයේ දේශපාලන අංශ නිලධාරී ජොන් එච් බිට්ගෙට් සහ ලංකා කම්කරු කොන්ග්‍රසයේ උපසභාපති සහ ඌව පළාත් සභා අමාත්‍ය සෙන්දිල් තොණ්ඩමන් , ලංකා කම්කරු කොන්ග්‍රසයේ උපසභාපති එස්.රාජ දොරෙයි ඇතුළු මෙරට ඇමරිකානු තනාධිපති කාර්යාලයේ නිලධාරින් රැසක් සහභාගි විය.