தமிழ்
English
Contact
Friday 16th April 2021    
දංකොටුව පොලීසිය අත්අඩංගුවට ගත් පොල්තෙල් බවුසර් දෙකක් ආපසු රේගුවට බාරදීම ගැන විමර්ශනයක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

දංකොටුව පොලීසිය අත්අඩංගුවට ගත් පොල්තෙල් බවුසර් දෙකක් ආපසු රේගුවට බාරදීම ගැන විමර්ශනයක්



පිළිකාකාරක අඩංගු බවට සැක පොල්තෙල් බවුසර් දෙක මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග නොතකමින් රේගුවට භාර දීම පිළිබඳ මාරවිල මහේස්ත්‍රාත්වරයා දංකොටුව පොලිසියට ඊයේ (31) දැඩි ලෙස අවවාද කර තිබේ. ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කර අධිකරණයට වහාම කරුණු වාර්තා කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා පොලිස්පතිවරයාට නියෝග කර ඇත.

පසුගිය 29 වැනි දින රාත්‍රියේ දංකොටුව පොලිසිය මඟින් පොල්තෙල් සහිත මේ බවුසර් දෙක අත්අඩංගුවට ගෙන තිබුණු අතර මේ සම්බන්ධයෙන් 30 වැනිදා මාරවිල මහේස්ත්‍රාත්වරයාට කරුණු ඉදිරිපත් කළ අතර මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ බවුසර් අධිකරණ භාරයේ රඳවා තබා රස පරීක්ෂක වාර්තාවක් කැඳවන ලෙසයි. පොලිසිය එම නියෝග නොතකමින් පොලිස් ආරක්ෂාව මැද මේ බවුසර් දෙක රේගුවට බාර දීමට පියවර ගෙන තිබිණි.

ඊයේ (31) පස්වරුවේ මේ නඩුව මාරවිල අධිකරණයේ නැවත කැඳවූ අවස්ථාවේ මාරවිල මහේස්ත්‍රාත්වරයා විසින් මේ බවුසර් දෙකේ රස පරීක්ෂණ වාර්තා ගැනීමට කටයුතු කළේද යන්න පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් විමසා ඇති එහිදී ඔහු පවසා ඇත්තේ පොලිස් නීති කොට්ඨාසයේ උපදෙස් පරිදි බවුසර් දෙක පොලිස් ආරක්ෂාව සහිතව ශ්‍රී ලංකා රේගුවට භාරදුන් බවයි.

මේ සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබාගෙන නොමැති බවද එහිදී හෙළිව තිබේ. එහිදී මහේස්ත්‍රාත්වරයා පවසා ඇත්තේ “රේගුවට ආරක්ෂා කර ගන්න බැරි වුණ දේ ආයේ රේගුවට දීලා වැඩක් තියනවද. මේක තීරණයක් ගන්න තිබුණේ රස පරීක්ෂක වාර්තාවක් කැඳවලා. මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් දිය යුතුයි “