தமிழ்
English
Contact
Saturday 4th May 2019    
දකුණු අප්‍රිකානු කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

දකුණු අප්‍රිකානු කණ්ඩායමට ප්‍රබල අභියෝගයක්



ඊයේ ආරම්භ වූ දකුණු සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය වන විට දකුණු අප්‍රිකානු කණ්ඩායම දැඩි අසීරු තත්වයකට පත්ව තිබේ.

ඊයේ දිනයේ ලකුණු 277ක් ලබා සිය අවසන් කඩුල්ල පමණක් අතැතිව සිටි ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනය තුල සිය පළමු ඉනිම සදහා සියලු දෙනාම දැවී ලකුණු 338ක් ලබා ගැනීමට සමත්විය.

ඉන් පසුව දකුණු අප්‍රිකානු කණ්ඩායමට සිය පළමු ඉනිම සදහා සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 124ක් පමණි.

අද දිනය අවසන් වන විට දෙවන ඉනිම සදහා ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු තුනක් දැවී ලකුණු 151ක් ලබා ගැනීමට සමත්විය.ඒ සදහා ධනුෂ්ක ගුණතිලක ලකුණු 60ක් ලබා ගත් අතර දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 59ක් ලබා සිටින අතර ඇංජෙලෝ මැතිව්ස් ලකුණු 12 ක් ලබා නොදැවී සිටි.

අද දිනය අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිමේ කඩුළු 7ක් ඇතැතිව ලකුණු 365ක් ලබා දැඩි පීඩනයක් දකුණු අප්‍රිකානු කණ්ඩායමට එල්ල කිරීමට සමත්ව ඇත.