Posted on 09.09.2020 by Sithara Sajeewani in ක්‍රීඩා පුවත් with 0 Comments
පිරිමි මීටර 100 ධාවන ඉසව්වේ දකුණු ආසියානු වාර්තාව සහ ශ්‍රී ලංකා වාර්තාව තමන් සතු කර ගැනීමට යුපුන් අබේකෝන් ඊයේ (08) ජර්මනියේ පැවැති ජාත්‍යන්තර මළල ක්‍රීඩා තරඟාවලියේදී සමත් විය.
මීටර 100 ඉසව්ව තත්පර 10යි දශම 1යි 6කින් නිමකිරීමට යුපුන් සමත්ව තිබුණි.
යුපුන් අබේකෝන් එලෙස බිඳ හෙලුවේ පසුගිය වසරේ හිමාෂ ඒෂාන් විසින් එම ඉසව්ව තත්පර 10යි දශම 2යි 2කින් නිමකරමින් තබා තිබූ වාර්තාව විය.
පිරිමි මීටර 100 ධාවන ඉසව්වේ නව දකුණු ආසියානු සහ ශ්‍රී ලංකා වාර්තාවලට හිමිකම් කියන යුපුන් අබේකෝන් ඉතාලියේ නේවාසිකව සිය පුහුණුවීම් කටයුතු සිදුකරන ක්‍රීඩකයෙකි.