Posted on 12.11.2020 by Sithara Sajeewani in කලා with 0 Comments
දකුණු කොරියානු චිත්‍රපට අධ්යක්ෂ කිම් කි ඩුක් කොවිඩ් 10 රෝගයට ගොදුරුවීමෙන් මියගොස් තිබේ. මිය යන විට ඔහු 59වැනි වියේ පසුවී ඇත.
මිය යන විට ඔහු ලැට්වියා වෙත ගොස් සිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
තම පළමු චිත්‍රපටය ලෙස Crocodile නම් චිත්‍රපටය නිර්මාණය කරමින් චිත්‍රපට අධ්‍යක්ෂණය ඇරැඹු කිම් කි ඩුක් Birdcage Inn , The Isle, Address Unknown, Bad Guy, The Coast Guard, Spring, Summer” Fall” Winter, And Spring වැනි විශිෂ්ඨ සිනමා කෘති රැසක් නිර්මාණය කිරීමට දායක විය.
එම නිර්මාණ බොහෝමයක් වැනිස්, කාන් වැනි සිනමා සම්මාන උළෙලවල ඇගයීමට ලක්ව ඇත.