தமிழ்
English
Contact
Friday 16th November 2018    
දකුණු සුඩාන ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයන් සාම ගිවිසුමකට අත්සන් තබති | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

දකුණු සුඩාන ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයන් සාම ගිවිසුමකට අත්සන් තබති



දකුණු සුඩාන රජය සමග නව සාම ගිවිසුමට අත්සන් තැබීමට එරට කැරළි නායක රික් මැක්හර් ඊයේ කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

දෙපාර්ශ්වය අතර ඉතියෝපියාවේ අඩිඅබාබාස් නුවර මෙම එකගතා ගිවිසුමට ඊයේ අත්සන් තැබීමට දෙපාර්ශ්වයේ නායකයින් කටයුතු යොදා තිබේ.

වසර කිහිපයක සිට සුඩානයේ පවතින සිවිල් යුද තත්වය නැවැත්වීමේ අරමුණෙන් පසුගිය මාස කිහිපයේදී සාම සාකච්ඡා දෙපාර්ශවයේ එකගතාවයෙන් ආරම්භවිනි.

මේ සදහා අප්‍රිකානු රටවල් කිහිපයක් මධ්‍යස්ථව කටයුතු කරමින් මේ සාම ගිවිසුම සාර්ථක කරගැනීමට කටයුතු කළහ.

සුඩානයෙන් දකුණු සුඩානය වෙන්වීමේදී මෙම පාර්ශ්වයන් දෙක එක්ව කටයුතු කළේය.

පසුව බටහිර රටවල් හා අප්‍රිකානු රටවල සහාය ලබමින් සන්ධාන ආණ්ඩුවක් ගොඩනැගීමට කටයුතු කළේය.

පසුව දකුණු සුඩාන ජනාධිපති ලෙස කටයුතු කරන සෙල්වා කීර් හා රික් මැක්හර් පළමු නියෝජ්‍ය ජනාධිපති ලෙස වසර කිහිපයක් තිස්සේ කටයුතු කර තිබුනි.

මොවුන් දෙදෙනාම සුඩාන මහජන විමුක්ති පෙරමුණේ හිටපු කැරළි නායකයන්ය. පසුව දෙපාර්ශ්වය අතර පැවැති එකගතාවයන් බිදි දමමින් දෙපාර්ශ්වයට බෙදී දකුණු සුඩානය බරපතල සිවිල් යුද තත්වයකට ඇද දැමීමට කයයුතු කළේය. මේ සදහා කලාපීය දේශපාලන බලවේගවල මැදිහත්වීම දකින්නට තිබුනි.

කෙසේ වෙතත් අවස්ථා කිහිපයකදී පැවැති එකගතාවයන් බිදි දමමින් දෙපාර්ශ්වය අතර ගැටුම් ඇති විය.

නව සාම ගිවිසුමකට අවසන් වශයෙන් දෙපාර්ශ්වය එකගවූ අතර අවසානයේ එම එකගතා සාම ගිවිසුමට අත්සන් තැබීමට ඊයේ කටයුතු කර තිබේ.




Related News