தமிழ்
English
Contact
Thursday 2nd April 2020    
දකුණ කොරියාවේ හිටපු ජනාධිපති වංචා දූෂණ වරදට සිරගත කෙරේ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

දකුණ කොරියාවේ හිටපු ජනාධිපති වංචා දූෂණ වරදට සිරගත කෙරේ!



දකුණු කොරියාවේ හිටපු ජනපති ලී ම්යුන්ග් බක්, වසර 17 ක සිර දඬුවමකට යටත් බව එරට මධ්‍යම දිස්ත්‍රික් අධිකරණය විසින්  නියමකර ඇත.

2008 වසරේ සිට 2013 වසර දක්වා‍ කාලය තුළ දකුණු කොරියාවේ ජනාධිපති ධූරය දැරූ
ලී ම්යුන්ග් බක් අල්ලස් හා මුදල් වංචා කිරීම ඇතුළු දූෂණ ක‍්‍රියාවලට වැරදිකරුවීම හේතුවෙන් ඔහුට ඊයේ(19) මෙම දඬුවම පැනවූ අතර අමතරව ඇමෙරිකානු ඩොලර් මිලියන 11 ක දඩයක් ගෙවීමට ද ඔහුට නියම විය.

2018 වසරේදී ‘සැම්සුන්ග් ඉලෙක්ට්‍රොනික්ස්‘ සභාපති ලී කුන්හී වෙත ජනාධිපති සමාව ලබාදීමට අල්ලස් තබාගත් බවට චෝදනා එල්ල වීමෙන්  ඇමෙරිකානු ඩොලර් මිලියන 11 ක දඩයක් සමඟ වසර 15 ක සිර දඬුවම් මොහුට නියම වූ නමුත් ඔහු අභියාචනයක් ඉදිරිපත්කර ඇප ලබා සිටියේය.
‘සැම්සුන්ග් ඉලෙක්ට්‍රොනික්ස්‘ සභාපතිවරයා ඩොලර් මිලියන ගනනක බදු වංචා කිරීම නිසා දණ්ඩනයට ලක් වුවද හිටපු ජනාධිපතිවරයා විශේෂ සමාවක් ප්‍රදානය කිරීම ආන්දෝලනයකට හේතු විය.