தமிழ்
English
Contact
Tuesday 23rd October 2018    
දකූණු අප්‍රිකාව සමග පළමු එක්දින තරගය හෙට දඹුල්ලේදී | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

දකූණු අප්‍රිකාව සමග පළමු එක්දින තරගය හෙට දඹුල්ලේදී



එක්දින තරග පහකින් සමන්විත දකුණු අප්‍රිකාව හා ලංකාව අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ පළමු තරගය හෙට දිවා තරගයක් ලෙස දඹුල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේද පැවැත්වීට නියමිතව ඇත.

දිගු කාලයකින් පසුව නැවතත් ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වය ඇජෙලෝ මැතිව්ස් වෙත පවරා ඇති බව වාර්තාවේ.
ලංකාව හා දකුණු අප්‍රිකාව අතර මෙතෙක් පැවැති එක් දින තරගවලින් තරග 35ක් දකුණු අප්‍රිකා ජයගෙන තිබෙන අතර ලංකා කණ්ඩායම ජය ලබා ඇති තරග සංඛ්‍යාව 29කි දෙපාර්ශ්වය විසින් තරග දෙකක් ජය පරාජයෙන් තොරව අවසන්ව ඇති බව වාර්තාවේ.

පසුගිය සතියේ පැවැති ටෙස්ට් තරගාවලියේ ජය ලංකා කණ්ඩායම විසින් හිමි කර ගැනීඹත් සමග යම් විශ්වාෂයකින් හෙට දින ඇරඹෙන එක්දින තරගාවලියට මුහණ දෙනු ඇත.

ටෙස්ට් තරගාවලිය පරාජයවීමෙන් ලද මානසික පීඩනය සමග හෙට තරගයට අවතීර්ණවන දකුණු අප්‍රිකානු කණඩායම එක්දින තරගාවලිය ජය ගැනීමේ දැඩි අටියෙන් තරගයට අවතීර්ණය වනු ඇත.
මේ දිනවල පවතින දැඩි වියලි කාලගුණික තත්වයක් දඹුල්ල ප්‍රදේශයට පවතී.