தமிழ்
English
Contact
Sunday 23rd February 2020    
දශක 6ක අමෙරිකන් සම්බාධක මැද කියුබානු ගංගා ජල දූෂණය අවමයි! - පර්යේෂණ වාර්තාවක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

දශක 6ක අමෙරිකන් සම්බාධක මැද කියුබානු ගංගා ජල දූෂණය අවමයි! – පර්යේෂණ වාර්තාවක්



අමෙරිකානු ආර්ථික සම්බාධක මැද පවා පරිසරය ආරක්ෂා කිරීම මුල්කරගත් කෘෂි ආර්ථිකයක් ක්‍රියාත්මක කිරීමෙන් කියුබාව වාර්තා පිහිටුවා ඇත.
විශේෂයෙන් කෘෂි රසායන භාවිතයේදී පරිසරය සම්බන්ධ වගකීම් සහගත වීමෙන් කියුබානු ගංගා ජලය ලෝකයේ අවම දූසිත තත්වයක පවතින බවට ‘නේචර්’ සඟරාවේ පර්යේෂණ වාර්තාවක් අනාවරණය කරයි.
එක්සත් ජනපදයේ වර්මවුන්ට් විශ්වවිද්‍යාලයේ සහ පරිසර අධ්‍යයනය පිළිබඳ සෙන්ෆියුගෝස් ආයතනය විසින් කියුබාවේ ගංගා නිම්න 25ක් ආශ්‍රිතව ඒකාබද්ධ පර්යේෂණයකට අනුව මෙම අනාවරණය සිදුකර ඇත.
ස්වභාවික ජලයේ තත්වය සම්බන්ධ පිළිගත් දර්ශකයක්වන ඊකොලයි බැක්ටීරියාවේ පැවැත්ම අනුව මෙම කරුණු අනාවරණයකර ඇති අතර කියුබානු ගංගාවලින් ලබාගත් නියැදි වලින් 80%ක් ලෝකයේ ගංගා සම්බන්ධව පිලිගත් ප්‍රමිති අනුව ඉහළ ජල තත්වයක් සලකුණු කරමින් මෙම නිගමනයට සාධක සපයා ඇත.
15 වැනි සියවසේ පමණ සිට උක් වගාව සඳහා ප්‍රකට කියුබාවේ ගංගාවල ජගයේ දියව ඇති නයිට්‍රජන් මට්ටම පවා පහළ මට්ටමක ඇති බව මෙම පර්යේෂණයෙන් අනාවරණය විය.
එක්සත් ජනපදය ඇතුලු අධිරාජ්‍යවාදය විසින් පනවා ඇති ආර්ථික සම්බාධක මැද වුවද 1990 දසකයේ පමණ සිට ‘තිරසර කෘෂිකර්මාන්ත ක්‍රම’ සඳහා ධෛර්ය සපයමින් කියුබාව අනුගමනය කළ පිළිවෙත් මෙම වාර්තාවෙන් ඇගයීමට ලක් වේ.
එකී අධිරාජ්‍යවාදී බලවතුන් විසින් වසර 60ක් තිස්සේ කියුබානු ආර්ථිකයට විවිධ සීමා සම්බාධක පැනවීම නිසා කියුබාවට සමස්තයක් ලෙස අමෙරිකන් ඩොලර් බිලියන 134ක හානියක් සිදුව ඇත.