தமிழ்
English
Contact
Tuesday 3rd August 2021    
දස වසරකදී වැඩිම රැකියා විරහිතභාවය වාර්තා වේ - වැඩිම ප්‍රතිශතය හම්බන්තොට! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

දස වසරකදී වැඩිම රැකියා විරහිතභාවය වාර්තා වේ – වැඩිම ප්‍රතිශතය හම්බන්තොට!



පසුගිය වසරේදී මෙරට විරැකියා අනුපාතය වසර දහයක් තුළ වැඩිම අගයට ඉහළ නැග ඇති බව රජයේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.

2020 වසරේ විරැකියාව සම්බන්ධ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ තොරතුරු අනාවරනය කරන ආකාරයට විරැකියා අනුපාතය 5.5%කි. මෙයින් වැඩිම විරැකියා තත්වයක් පෙන්නුම් කරන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ 7.95ක අගය වේ. නම් දිස්ත්‍රික්කයේ රැකියා කළ හැකි පුද්ගලයන් 100 දෙනකුට 8දෙනකු පමණ රැකියා විරහිතභාවයෙන් පෙළෙන බව අනාවරණය වේ.

මේ වනවිට හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කර ජනතා නියෝජිතයන් ලෙස පැමිණි ජනාධිපතිවරයකු, අගමැතිවරයකු මෙන්ම මන්ත්‍රීවරුන්ට වඩා ඇමතිවරු පිරිසක් බලයේ සිටින ආණ්ඩුවක් පවතින අතර පොදුවේ රටේ රැකියා විරහිතභාවය සම්බන්ධ දිගුකාලීනව වැඩපිළිවෙළක් නොමැතිකම කැපී පෙනෙන තත්වයකි.