தமிழ்
English
Contact
Sunday 17th January 2021    
යුක්රේන සංචාරකයන් හොර රහසින් දළඳා මැඳුරට – භික්ෂුන්ගේ විරෝධය ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

යුක්රේන සංචාරකයන් හොර රහසින් දළඳා මැඳුරට – භික්ෂුන්ගේ විරෝධය !



මහනුවර දළඳා මන්දිරයට යුක්රේන සංචාරක කණ්ඩායමක් අද(11) දින කැඳවාගෙන ඒම සම්බන්ධව ලේවැල්ලේ ධම්මාලංකාර හිමි එතැනට පැමිණ විරෝධය පළකර ඇත.

මහනුවර ප්‍රධාන බෞද්ධ පූජ්‍ය ස්ථානයට යුක්රේන සංචාරකයන් රැගෙන එම හොර රහසේ සිදුකර ඇති බවද මෙවැනි කාර්යයක් සම්ප්‍රදායක් ලෙස මල්වතු අස්ගිරි නායක හිමිවරුන්ගේ අනුදැනුම ඇතිව සිදු කළ යුතු වුවද එයද සිදුකර නැති බවත් ඒ හිමියන් පවසා ඇත.

විශේෂයෙන් යුක්රේනය වැනි රටක කොරෝනා වසංගතය දරුණු ලෙස පවතින නමුත් ලංකාවේ නිරෝධායන නීති නොසළකා සංචාරකයන් සම්බන්ධ කටයුතු කිරීමෙන් මහනුවර දළඳා මන්දිරය, එහි භික්ෂුන්, කාර්යමණ්ඩලය මෙන්ම ප්‍රදේශයේ බැතිමතුන් අනතුරට ලක් කෙරන බවද ඒ හිමියන්ගේ විරෝධයට හේතු වී ඇත.