தமிழ்
English
Contact
Thursday 28th January 2021    
ද්විත්ව පුරවැසිකම පිටින් පාර්ලිමේන්තු එන ලැජ්ජා නැති වැඩේ බැසිල් කරන්නෙ නෑ! - වාසුදේව නානායක්කාර | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ද්විත්ව පුරවැසිකම පිටින් පාර්ලිමේන්තු එන ලැජ්ජා නැති වැඩේ බැසිල් කරන්නෙ නෑ! – වාසුදේව නානායක්කාර



ද්විත්ව පුරවැසිභාවය සහිතව පාර්ලිමේන්තු මන්ත්‍රිධුරයේ දිව්රුම් දෙන්නට බැසිල් රාජපක්ෂ පැමිණෙන්නේ නැති බව ජලසම්පාදන හා ජලාපවාහන ඇමති වාසුදේව නානායක්කාර පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස බැසිල් රාජපක්ෂට දිවුරුම් දිය හැකි ආකාරයට ජයන්ත කැටගොඩ මන්ත්‍රිධුරයෙන් ඉල්ලා අස්වූ නමුත් ලැජ්ජා නැති ආකාරයට ද්විත්ව පුරවැසිකම දරමින්ම ඔහු විසින් එම මන්ත්‍රිධුරයේ දිවුරුම් නොදෙනු ඇති බව ජලසම්පාදන ඇමිවරයාගේ අවධාරණයයි.

බැසිල් රාජපක්ෂ, 1997 එක්සත් ජනපද ‘ග්‍රීන්කාඩ්‘ ලොතරැයියෙන් ජයග්‍රහණය කළ බිරිය සමග එක්සත් ජනපදයට සංක්‍රමණය වූ අතර මේ වනවිට එක්සත් ජනපදයේ හා ලංකාවේ ද්විත්ව පුරවැසිකම දරයි. මහමැතිවරණ ජයග්‍රහණයෙන් පසුව ආණ්ඩුව ගෙන ආ 20 වැනි සංශෝධනයට විරුද්ධ වීමේදී ද්විත්ව පුරවැසියන්ට මන්ත්‍රිධුර හිමිවීම සම්බන්ධ විරෝධයක් වාසුදේව ානානයක්කාර ඇතුලු පොදුජන පෙරමුනේ සහායක පක්ෂවලින් ඉදිරිපත් විය. මෙම පසුබිම තුල බැසිල් රාජපක්ෂ මන්ත්‍රිධුරය ලබාගන්නේ එකී ද්විත්ව පුරවැසිභාවය අත්හැර ලංකාවේ පුරවැසියකු ලෙස බව වාසුදේව ඇමතිවරයා ගෙන එන අනුමානයයි.