தமிழ்
English
Contact
Wednesday 30th September 2020    
දැනට කොරෝනා වෛරසය අසාදිත වෙනත් කිසිදු රෝගියෙක් නැහැ - සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

දැනට කොරෝනා වෛරසය අසාදිත වෙනත් කිසිදු රෝගියෙක් නැහැ – සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරයි



නව කොරෝනා වෛරස ආසාදිත තවත් රෝගියෙගු ශ්‍රී ලංකාවේදී හමුවී ඇති බවට පලවී ඇති පුවත්වල කිසිදු සත්‍යතාවයක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර පවසයි.

ඔහු මේ බව කියා සිටි බව නිවේදනයක් නිකුත්කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. වෛද්‍යවරයා පවසා ඇත්තේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සේවය කරන කාන්තාවකට කොරෝනා වෛරසය වැළඳී ඇතැයි සැක පිට කරනු ලැබූ පරීක්ෂණවලදී වයිරසය අසාදනය වී නොමැති බව තහවුරු වූ බවයි. ඇය මුහුණ දුන් අධික උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව රෝගී තත්ත්වයෙන් සුවය ලබා රෝහලෙන් පිටව ගිය බවද වෛද්‍ය සුදත් සමරවීර සිය නිවේදනයේ දක්වා ඇත.

මේ අතර ශ්‍රී ලංකාවේ මෙතෙක් කොරෝනා වෛරස ආසාධිතයෙකු ලෙස තහවුරු කරගෙන ඇත්තේ දැනට අංගොඩ ජාතික බෝනොවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර සඳහා යොමු කර ඇති චීන ජාතික කාත්නාව පමණක් බව අදාළ නිවේදනයේ සදහන් වේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ වෛරස ආසාධිතයෙකු ලෙස තහවුරු කරගෙන ඇත්තේ දැනට අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර සඳහා යොමු කර ඇති චීන ජාතික කාත්නාවද, මේ වන විට සුවය ලබා ඇති බවයි.