தமிழ்
English
Contact
Thursday 2nd April 2020    
සමාජ මාධ්‍යවල සංසරණය වූ ළමා අපයෝජන වීඩියෝවට අදාළ සැකකරු අත්අඩංගුවට | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සමාජ මාධ්‍යවල සංසරණය වූ ළමා අපයෝජන වීඩියෝවට අදාළ සැකකරු අත්අඩංගුවට



සමාජ මාධ්‍ය ජාලාවල දැරියක අපයෝජනයට ලක්වීමේ වීඩියෝවක් ප්‍රචාරය වීමේ සිද්ධියට අදාළ සැකකරු කටුනායක ආඩිඅම්බලම ප්‍රදේශයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (19) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු 36 හැවිරිදි එක්දරු පියෙකු වන අතර ඔහු දැරියගේ ළඟම ඥාතියෙකු බව පොලිසිය සඳහන් කරයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන ලද පරීක්ෂණවලින් අනතුරුව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

ත්‍රීරෝද රථ රියැදුරකු වන සැකකරු දැරිය ඇගේ නිවසේ දී සහ පිටතදී අවස්ථා කිහිපයකදී අපයෝජනයට ලක් කර ඇති බව පරීක්ෂණවලදී හෙළි කරගෙන ඇත.

සැකකරු හෙට (20) අලුත්කඩේ අංක 1 අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

මාසයක වැනි කාලයක් සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙමින් පැවති මෙම වීඩියෝව සම්බන්ධයෙන් ළමා රක්ෂණ අධිකාරිය පොලිස් පැමිණිල්ලක් හෝ කර නොතිබුණි. මේ සම්බන්ධ පරීක්ෂණ ආරම්භ කෙරුනේ කාන්තා සංවිධාන කිහිපයක්, කලාකරුවන් සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් එක්ව කරන ලද මැදිහත්වීම හේතුවෙනි.