தமிழ்
English
Contact
Thursday 2nd April 2020    
දැරියක් අපයෝජන සිද්ධියේ අපයෝජකයන්ගේ කට හඬ පරීක්ෂාවට සැරසෙයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

දැරියක් අපයෝජන සිද්ධියේ අපයෝජකයන්ගේ කට හඬ පරීක්ෂාවට සැරසෙයි



වයස අවුරුදු 6 ක දැරියක් ලිංගික අපයෝජනයට ලක් කරන වීඩියෝ පටයේ සිටින අපයෝජකයන්ගේ කටහඬ පරීක්ෂාවට ලක් කිරීමට ළමා ආරක්ෂක අධිකාරිය තීරණය කර තිබේ.

හඬ පරීක්ෂාවට ලක් කිරීම සඳහා බාගත කළ එම වීඩියෝපටය රජයේ රස පරීක්ෂකවරයා වෙත ලබාදුන් බව ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ පවසා ඇත.

ළමා ආරක්ෂක අධිකාරිය සිදුකරන පරීක්ෂණයට සමගාමීව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව මහාචාර්ය මුදිත විදානපතිරණ සඳහන්කර තිබේ.

ඒ අනුව මෙම සිද්ධියට සම්බන්ධ බවට මේ වනවිට හඳුනාගෙන සිටින පුද්ගලයන්ගේ සහ වීඩියෝ පටයේ සිටින පුද්ගලයන්ගේ හඬ සැසඳීමට නියමිත සභාපතිවරයා පවසයි.

මේ වන විට මෙම වීඩියෝපටය පිළිබඳව කාන්තා සංවිධාන ඇතුළු විශාල පිරිසක් ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිලි ඉදිරිපත් කර තිබෙන බව ඔහු කියා සිටියේය.