தமிழ்
English
Contact
Thursday 2nd April 2020    
දැරියන් අපයෝජනය කළ පාසල් සිසුන් ඇතුළු පුද්ගලයන් 07ක් අත්අඩංගුවට | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

දැරියන් අපයෝජනය කළ පාසල් සිසුන් ඇතුළු පුද්ගලයන් 07ක් අත්අඩංගුවට



අන්තර්ජාල සමාජජාල මාධ්‍ය හරහා ගැහැණු දරුවන්ගේ පින්තූර රැගෙන, එම පිංතූරවලට නිරුවත් ඡායාරූප බද්ධ කර, ඒවා අන්තර්ජාලයට මුදා හරින බව ප්‍රකාශ කරමින් ළමයින් බිය වද්දා, ගැහැණු ළමයින් ලිංගික අපයෝජනයට ලක් කරනු ලබන කණ්ඩායමක් පිළිබඳව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විමර්ශන හා අන්තර්ජාල අපරාධ විමර්ශන ඒකකය විසින් විමර්ශන ආරම්භ කර ඇත.

එකී විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස බොරැල්ල ප්‍රදේශයේ පාසල් සිසුවියක් අන්තර්ජාලය ඔස්සේ බිය වද්දා, දැරිය වරින්වර අවස්ථා ගණනාවකදී, විවිධ ස්ථානවලට ගෙන ගොස්, බරපතල ලිංගික අපයෝජනයට ලක් කළ පුද්ගලයින් 7දෙනෙකු මේ වනවිට ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.

එම සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර, රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

මෙම අපරාධයට සම්බන්ධ තවත් සැකකරුවන් රැසක් ඉදිරියේදී අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන තව දුරටත් ක්‍රියාත්මක බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සියලුදෙනා අවුරුදු 20ට අඩු තරුණයින් වේ. පාසල් සිසුන්ද ඒ අතර සිටීම දෙමව්පියන්ගේ හා ගුරුවරුන්ගේ අවධානයට යොමු වියයුතු විශේෂ කරුණක් බව අධිකාරිය පෙන්වා දෙයි.