தமிழ்
English
Contact
Wednesday 21st August 2019    
දිගම්බරන්ලාත් වතු වැටුප් අරගලය ආණ්ඩුවේ සහනාධාරයකට පාවා දෙන්න සූදානමින් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

දිගම්බරන්ලාත් වතු වැටුප් අරගලය ආණ්ඩුවේ සහනාධාරයකට පාවා දෙන්න සූදානමින්



දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ මන්ත්‍රී වී රාධක්‍රිෂ්ණන් වතු සමාගම් වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් දහස දක්වා වැඩිකිරීමට එකඟ නොවන්නේ නම් ආණ්ඩුව මැදිහත් වී වතු කම්කරුවන්ට යම් සහනාධාරයක් ලබදියයුතු බව පවසයි. ආණ්ඩුව ඒ පිළිබඳ කටයුතු කරන ආකාරය අනුව තවදුරටත් ආණ්ඩුව සමඟ එකට සිටිනවාද නැද්ද යන්න තීරණය කරන බව ඔහු සඳහන් කර ඇත.

එසේම වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් උද්ගතව ඇති තත්ත්වය සාකච්ඡා කිරීම සඳහා දමිළ ප්‍රගතිශීලී සන්ධානය, වතු සමාගම්, වැවිලි කටයුතු අමාත්‍යංශය සහ කම්කරු අමාත්‍යංශය අතර ඊයේ(05)පැවැත්වීමට තිබූ හමුවද දක්වා කල් ගොස් තිබේ. මෙය කල් යාමට හේතුව වී ඇත්තේ වතු සමාගම් සිය සහභාගීත්වය දැනුම් නොදීමයි.

පසුගියදා වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් 700ක් බවට පත්කරමින් අත්සන් කරනු ලැබූ එකඟතා ගිවිසුම දමිළ ප්‍රගතිශීලී සන්ධානය විසින් ප්‍රතික්ෂේප කර තිබුණි. දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ මන්ත්‍රීවරුන් වන මනෝ ගනේෂන්, දිගම්බරම් සහ රාධක්‍රිෂ්ණන්ගේ විරෝධතාවය හමුවේ රනිල් වික්‍රමසිංහ එම ගිවිසුමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීම පමා කර ඇතැයිද වාර්තා විය. එසේම මේ සඳහා විසදුමක් ලබා ගැනීම සඳහා සාකච්ඡා කිරීමටද එකඟ වී තිබුණි.

වතු කම්කරුවන් මාස ගණනක් පුරා අරගල කරමින් ඉල්ලා සිටියේ ආණ්ඩුවෙන් ලබාදෙන සහනාධාරයක් නොවන බවත් ඔවුන් සමාගම්වලින් ඉල්ලා සිටියේ තමන් හෙළන ශ්‍රමයට නිසි වැටුපක් බවත් 1000 ව්‍යාපාරයේ ප්‍රකාශකයෙක් ඒ පිළිබඳ අදහස් දක්වමින් පවසා තිබේ. වතු කම්කරුවන්ට රුපියල් 1000ක වැටුප් වැඩිවීමක් අනිවාර්යයෙන් හිමිවිය යුතු බවත් එය ලබාදිය යුත්තේ සමාගම් බවයි.