தமிழ்
English
Contact
Saturday 19th June 2021    
දින 14ක සංචරණ සීමා අත්‍යවශ්‍යයි - පයබරවායට පිටිකර බෙහෙත් ගැන මහාචාර්ය මතය | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

දින 14ක සංචරණ සීමා අත්‍යවශ්‍යයි – පයබරවායට පිටිකර බෙහෙත් ගැන මහාචාර්ය මතය



(TopNews) පවතින වසංගත ව්‍යාප්තිය හමුවේ කොවිඩ්19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දින 14ක අඛණ්ඩ දැඩි සංචරණ සීමා පැනවිය යුතු බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා පවසයි.

වසංගතයේ තත්වය සහය පාලනය කිරීම ගැන විවිධ මත ප්‍රකාශ වුද කවුරු කුමක් කීවත් විද්‍යාත්මක පදනම මෙය බව ඔහු ප්‍රකාශ කරයි. මේ වනවිත් වසංගත ව්‍යාප්තිය පාලනය කළ හැකි මට්ටම ඉක්මවා ඇති බවද රට රතු ඉර පනින මට්ටමට පැමිණ ඇති මෙම නව තත්වය ගැන ආණ්ඩුව විසින් ඉක්මන් තීරණයක් ගත යුතු බවත් මහාචාර්යවරයා සඳහන් කරයි.

අවශ්‍ය පියවර නොගැනීමෙන් ඇති විය හැකි ප්‍රතිඵලවලට බලධාරින්ට වගකීඹට සිදුවන බව පෙන්වා දෙන මහචාර්ය අර්ජුන, කොලෙස්ට්‍රෝල් බැස්සීමට ඖෂධය මිලිග්‍රෑම් 20ක් අවශ්‍ය නම් ඉන් මිලිග්‍රෑම් 10 ගැනීමෙන් නිසි ප්‍රතිඵල ලබාගත නොහැකි බවත් අවධාරනය කරයි. රටේ ආර්ථික ප්‍රශ්න නිසා හෝ වෙනත් ප්‍රශ්න නිසා හෝ විද්‍යාත්මක මතය වෙනස් කළ නොහැකි බවද මහාචාර්යවරයා අවධාරනය කරයි. එසේම මේ විෂය සම්බන්ධයෙන් සිටින ප්‍රවීණයකු ලෙස මහාචාර්ය මලික් පීරිස් පවසන කරුණු බලධාරින් විසින් අවධානයට ගත් යුතු බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.