தமிழ்
English
Contact
Sunday 15th December 2019    
දිල්රුක්ෂි ඩයස් දුරකථන සංවාදය ඇවන්ට්ගාඩ් විමර්ශන වෙනතක හැරවීමේ තැතක්? | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

දිල්රුක්ෂි ඩයස් දුරකථන සංවාදය ඇවන්ට්ගාඩ් විමර්ශන වෙනතක හැරවීමේ තැතක්?



ආන්දෝලනාත්මක ලෙස ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති සමඟ දුරකතන සංවාදයක් පැවැත්වීමේ චෝදනා ලැබූ සොලිසිටර් ජනරාල් දිල්රුක්‍ෂි ඩයස් වික්‍රමසිංහගේ සේවය අත්හිටුවා ඇති බැවින් ඇගේ තනතුරේ වැඩ ආවරණය කිරීම සඳහ ජ්‍යෙෂ්ඨ සහකාර සොලිසිටර් ජනරාල් සංජය රාජරත්නම් පත් කර තිබේ..

සොලිසිටර් ජනරාල් දිල්රුක්‍ෂි ඩයස් වික්‍රමසිංහට එරෙහිව ආයතන සංග‍්‍රහය යටතේ විනය පරීක්‍ෂණයක් පවත්වන ලෙස නීතිපතිවරයා විසින්
ඊයේ (23) රාජ්‍ය සේවා කොමිසන් සභාවෙන් ඉල්ලා ඇත.

චෝදනා සම්බන්ධ විනය පරීක්‍ෂණයේදී මෙම දුරකථන සංවාදය සම්බන්ධයෙන් දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ විසින් කළ පිළිගැනීම් හා එයට අනුශාංගික වු වෙනත් කරුණුද සැළකිල්ලට ගන්නා ලෙස නීතීපතිවරයා රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබේ. සොලිසිටර් ජනරාල්වරිය විසින් කර ඇති දුරකථන සංවාදය සම්බන්ධයෙන් සුදුසුකම් ලත් නිලධාරියකු යොදවා අදාළ විනය පරීක්‍ෂණය සිදුකරන ලෙසද රාජ්‍ය සේවා කොමිෂමෙන් ඉල්ලීමක් කොට ඇත.

රෝගී තත්වයක් හේතුවෙන් මේ වන විට සිංගප්පුරුවේ රෝහලක ප‍්‍රතිකාර ලබන ඇවන්ට් ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති එහි ප‍්‍රතිකාර ලබන අතරතුරදී ඔහු සමඟ සොලිසිටර් ජනරාල්වරිය සිදු කළ දුරකතන සංවාදයක් ඇතුලත් හඬ පටයක් සමාජ මාධ්‍ය ජාලයේ ප්‍රචාරය විය. නිශ්ශංක සේනාධිපති මහවිසින් සමාජ මාධ්‍ය ජාලයට මුදා හළ බව කියන එම වීඩියෝවේ අඩංගු දුරකතන සංවාදය සත්‍ය එකක්ද යන්න පිළිබඳව විමර්ශනයක් සිදු කළ යුතු බවට නීතිපති දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව තිබේ. නිශ්ශංක සේනාධිපති විසින් මෙම දුරකථන සංවාදය සිතාමාතා සිදුකරමින් උත්සාහ දරා ඇත්තේ ඔහුට එරෙහි චෝදනා සම්බන්ධ විමර්ශන හා ජනමතයට බලපෑම් සිදුකරන්නටද යන්න කතාබහට ලක්ව තිබේ.