தமிழ்
English
Contact
Friday 14th August 2020    
දිල්රුක්ෂි වික්‍රමසිංහගේ වැඩ තහනම් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

දිල්රුක්ෂි වික්‍රමසිංහගේ වැඩ තහනම්



සොලිසිටර් ජනරාල් දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහගේ වැඩ තහනමට ලක් කර ඇතැයි රාජ්‍ය සේවා කොමිසන් සභාව විසින් නීතීපතිවරයා වෙත දැනුම් දී ඇති බව වාර්තා වේ.

වැඩ තහනම පිළිබඳ රාජ්‍ය සේවා කොමිසන් සභාවේ ලේකම්වරයා විසින් ඊයේ සවස දුරකතන මාර්ගයෙන් නීතීපති දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේ යැයි නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණිය මාධ්‍ය වෙත පවසා තිබේ.

පසුගියදා ඇවන්ට් ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති සමඟ දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ පවත්වන ලද දුරකතන සංවාදයක් ඇතුලත් හඬ පටයක් සමාජ මාධ්‍ය ජාලයට මුදා හරිනු ලැබීය.

දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහගේ වැඩ ආවරණය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ සහකාර සොලිසිටර් ජනරාල් සංජය රාජරත්නම් පත් කරන ලදී.

සොලිසිටර් ජනරාල් දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ විසින් ඇවන්ට් ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති සමඟ දුරකතන සංවාදයක් පැවැත්වු බවත් එහි ඇති හඬ තමාගේ බවත් නීතීපතිවරයා හමුවේ පිළිගෙන ඇති අතර නීතීපතිවරයා ඒ පිළිබඳව රාජ්‍ය සේවා කොමිෂමට දැනුම් දී තිබේ.

දිල්රුක්ෂිට එරෙහිව පවත්වන විනය පරීක්‍ෂණයේදී මෙම දුරකතන සංවාදය සම්බන්ධයෙන් ඇය විසින් කරන ලද පිළිගැනීම් හා එයට අනුශාංගික වු වෙනත් කරුණුද සැළකිල්ලට ගන්නා ලෙස නීතීපතිවරයා රාජ්‍ය සේවා කොමිසන් සභාවෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් නීතීපතිවරයා කළ ඉල්ලීම පිළිගත් රාජ්‍ය සේවා කොමිසන් සභාව ඇය සම්බන්ධයෙන් විනය පරීක්‍ෂණය ආරම්භ කිරීමට පෙර ඇගේ වැඩ තහනම් කර ඇති අතර ඒ බව දුරකථන මාර්ගයෙන් නීතීපති දෙපාර්තමෙන්තුවට දැනුම් දී ඇත.