தமிழ்
English
Contact
Tuesday 15th October 2019    
දිලිත්ගේ ප්‍රකාශය ගැන ‘දඩබ්බරයා‘ කර්තෘගෙන් කටඋත්තර ගනී! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

දිලිත්ගේ ප්‍රකාශය ගැන ‘දඩබ්බරයා‘ කර්තෘගෙන් කටඋත්තර ගනී!



‘දඩබ්බරයා‘ ප්‍රබන්ධ ග්‍රන්ථය ජනගත කළ අවස්ථාවේ දෙරණ රූපවාහිනි ආයතනයේ සභාපති දිලිත් ජයවීර විසින් සිදුකළ ආන්දෝලනාත්මක අදහස් දැක්වීම සම්බන්ධව ප්‍රකාශයක් ලබාදීමට එම කෘතියේ කර්තෘ ඩිල්ෂාන් පතිරත්නට සිදුව ඇත.
දිලිත් ජයවීරගේ අදහස් පළ කිරීම සම්බන්ධව සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ටාසයට පැමිණිලි කිරීමට කටයුතුකර තිබුණේ බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ අගුලුගලලේ සිරි ජිනානන්ද හිමි විසිනි. එහි ප්‍රතිපලයක් ලෙස කෘතිය රචනා කළ, ඩිල්ශාන් පතිරත්නට සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ටාසය වෙත පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙස, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කරණ ලදී. ඒ අනුව, ජූනි 20 දා, කතුවරයා සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය වෙත ගොස් කට උත්තරයක් ලබා දී ඇත.

ඩිල්ෂාන් රූපවාහිනි ක්ෂේත්‍රයේ සේවයේ නිරතවන අයකු මෙන්ම නීතිඥවරයකුද වේ. එසේම ඔහු ජාතික තරුණ සේවා සභාවේ මාධ්‍ය අධ්‍යයන පුහුණු උපදේශකයකු ලෙසද කටයුතු කරයි.