தமிழ்
English
Contact
Wednesday 21st August 2019    
දිවිත්ව පුරවැසියෙකුට මැතිවරණවලට ඉදිරිපත් වෙන්න බැහැ - වෙල්ගම | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

දිවිත්ව පුරවැසියෙකුට මැතිවරණවලට ඉදිරිපත් වෙන්න බැහැ – වෙල්ගම



ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ද්විත්ව පුරවැසිභාවයක් සහිත පුද්ගලයෙකුට මැතිවරණයක් සඳහා ඉදිරිපත් විය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසයි.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ මහින්ද රාජපක්‍ෂගේ නිල නිවසේ පැවති ඒකාබද්ද විපක්‍ෂ මන්ත‍්‍රීවරුන්ගේ හමුවෙන් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

ගෝඨාභය රාජපක්ෂ මීළඟ ජනාධිපතිවරණය අපේක්ෂකයා වීමට විරෝධය පළ කරමින් දිගින් දිගටම කුමාර වෙල්ගම විසින් සිදු කරන ප්‍රකාශයයන් සම්බන්ධයෙන් නුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිවු දෙනකු පසුගියදා දැඩි විරෝධය පළ කර තිබුණි.

ඒ පිළිබඳ අදහස් දක්වමින් කුමාර වෙල්ගම පවසා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කෙතරම් මත ඉදිරිපත් කළත් ද්විත්ව පුරවැසිභාවය ඇති පුද්ගලයෙකුට මැතිවරණයකට ඉදිරිපත් විය නොහැකි බවයි. එසේම නම් පවසමින් විවේචනය කර ගැනීම නවතන්නැයි මහින්ද රාජපක්ෂ දෙපාර්ශවයෙන්ම ඉල්ලා සිටි බව ප්‍රකාශ කරන ලදී. තමනට එල්ල කල විවේචනයට පිලිතුරු දී තමන්ද තවත්වන බව පැවසූ බවත් ඔහු සදහන් කර තිබුණි.

මෙම මත ගැටුම පිළිබඳ අදහස් දක්වමින් මහින්දානන්ද අලුත්ගමගේ පවසා සිටියේ එම සිද්ධිය සමථයකට පත් වූ බවයි.