தமிழ்
English
Contact
Thursday 29th October 2020    
දිවුලපිටියේ බ්‍රැන්ඩික්ස් ආයතනයේ තවත් සේවිකාවන් අසනීප නිවාඩු ඉල්ලලා ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

දිවුලපිටියේ බ්‍රැන්ඩික්ස් ආයතනයේ තවත් සේවිකාවන් අසනීප නිවාඩු ඉල්ලලා !



දිවුලපිටියේ කෝවිඩ් 19 වෛරස ආසාදිත කාන්තාව හඳුනාගත් බ්‍රැන්ඩික්ස් ආයතනයේ තවත් සේවිකාවන් පිරිසක් රෝගාතුර වීමෙන් පසුව ඒම කම්හලේ සෞඛයාරක්ෂක කටයුතු සක්‍රියකර තිබේ.
සමාගම නිවේදනය කරන ආකාරයට දිවුලපිටිය ප්‍රදේශයේ කොවිඩ්-19 ආසාදිත වූ කාන්තාව මිනුවන්ගොඩ පිහිටි බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ සේවය කරයි.
ඒසේම ඇගේ දියණියට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමත් සමඟ දිවුලපිටිය සහ මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශවලට පොලිස් ඇඳිරිනීතිය පැනවීමට පියවර ගැනිණි.
සෞඛ්‍ය අංශ පවසන්නේ ඇයට කොවිඩ් ආසාදනය වූයේ කෙසේද යන්න තවමත් අනාවරණ කරගෙන නොමැති බවය.
රෝගී කාන්තාවගේ පවුලේ සාමාජිකයන් ඇතුළු සමීපතම ආශ්‍රිතයින් 06 දෙනෙකු වහාම යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකළ බව බලධාරීහු පවසති. ඔවුන්ගේ PCR පරීක්ෂණ සඳහා ජෛව සාම්පල ලබාගැනීම හබරාදූව නිරෝධායන මධ්‍යස්ථානයේදී සිදුකර ඇත.
රෝගී කාන්තාව විසින් පසුගිය දිනවල ඇසුරු කළ අය ලෙස හඳුනාගත් බ්‍රැන්ඩික්ස් ආයතනයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 40 දෙනෙකු සහ ගම්පහ රෝහලේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 15 දෙනෙකුද ස්වයං නිරෝධායනයට යොමු කර ඇත..
කෙසේවෙතත් බ්‍රැන්ඩික්ස් සමාගම විසින් නිල නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ සමාගමේ සියලුම මෙහෙයුම් අංශ තුළ දැඩි සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද ක්‍රියාත්මක කර ඇති බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු අදාළ සෞඛ්‍ය බලධාරීන්ගේ කඩිනම් ක්‍රියාමාර්ග ගෙන ඇති බවත්ය.
වෛරසය ව්‍යාප්ත වීම මුළුමනින්ම නවතා දැමීම සඳහා එම සාමාජිකාව සේවය කළ පරිශ්‍රය දැඩි විෂබීජහරණයකට ලක් කිරීම ඇතුළු කඩිනම් ක්‍රියාමාර්ග රැසක් මේවන විට ද ගෙන ඇති බවද ඔවුන් පවසයි.