தமிழ்
English
Contact
Monday 6th July 2020    
(Update) ඇඳිරි නීතිය ලිහිල් කිරීම දිස්ත්‍රික්ක 23ක - කලුතර, පුත්තලමත් එකතු වේ. | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

(Update) ඇඳිරි නීතිය ලිහිල් කිරීම දිස්ත්‍රික්ක 23ක – කලුතර, පුත්තලමත් එකතු වේ.



කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කයන්හිද ඇඳිරිනීතිය ලිහිල් කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව ඉදිරියේදී අඛණ්ඩව ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන්නේ ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කයන්හි පමණි.

දිස්ත්‍රික්ක 21ක් හෙට සාමාන්‍ය තත්වයට – ඇඳිරිනීතිය ඇති ප්‍රදේශත් හෙට සිට වැඩ!

හෙට(11) දින සිට දිස්ත්‍රික්ක 21ක් මුල්කරගෙන සාමාන්‍ය තත්වය ඇති කිරීමේ අරමුණින් ආණ්ඩුව විශේෂ පියවර කිහිපයක් ගෙන ඇත.

‘ජනජිවිතය යථාතත්වයට පත් කිරිමේ වැඩපිළිවෙළ සහ නිරෝධායන රෙගුලාසි’ ඇතුළත් විශේෂ ගැසට් පත්‍රය අද දින  නිකුත් කිරිමට ද නියමිතය. පසුගිය මැයි 06 වනදා රාත්‍රී 08.00 සිට දිවයින පුරා පැනවු ඇදිරි නීතිය හෙට අළුයම 5.00 ට ඉවත් වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න පවසයි.

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල ඇඳිරිනීතිය ඉවත් නොකළද රාජ්‍ය හා පෞද්ගලික අංශවල සේවා හෙට සිට විවෘත කර පවත්වා ගෙන යායුතු බව මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත්කළ නිවේදනයේ සඳහන්ය.

එහිදී රජයේ දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල ඇතුළු ආයතනවල සේවයට කැඳවිය යුතු සේවක සංඛ්‍යාව සහ සේවයට කැඳවන්නේ කුමන සේවකයන්ද යන්න ආයතන ප්‍රධානියාගේ අභිමතය අනුව තීරණය කළ යුතු බව උපදෙස් ලබා දි ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථවල සහ දුම්රිය මැදිරිවල මගී ප්‍රවාහනය, රැකියා කටයුතු සඳහා ගමන් කරන අයට පමණක් සීමා කර තිබේ.