Posted on 09.15.2020 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
දීමනා ගෙවීම් පැහැර හැරීමට විරෝධය පළ කරමින් ඌව පළාත් සෞඛ්‍ය සේවකයෝ හෙට (16) අසනීප නිවාඩු ගැනීමට තීරණයකර ඇත.
ඒ් අනුව, ඌව පළාතේ මහජන පරික්ෂකවරු, පවුල් සෞඛ්‍ය සේවකයන්, කළමනාකරණ සහායකයන්, රෝහල් රියදුරන් ඇතුලු සෞඛ්‍ය සේවයේ අංශ 18ක සේවක සේවිකාවන් හෙට දින අසනීප නිවාඩු දමන්නට නියමිතය. 2013 – 2019 කාලය තුළ තමන්ට ගෙවූ ගමන් වියදම් දීඹනා ගෙවීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් මින් පෙර කිහිප අවස්ථාවක බලධාරින් වෙත ඉල්ළීම් ඉදිරිපත් කළද කිසිදු සහනයක් ලැබී නැති බව සේවක වෘත්තිය සමිති චෝදනා කරයි. මෙම තත්වය විසඳන ලෙස ජනාධිපතිවරයා ඇතුලු බලධාරින් වෙත කළ ඉල්ලීම් නිශ්ඵල වී ඇත. 2020 වසරේ මේ දක්වා ගමන් වියදම් දීඹනාව තමන්ට ගෙවා නැති බව ඔවුහු පෙන්වා දෙති. කොරෝනා වසංගතය යටතේ මහත් කැපවීමෙන් සේවය කළ සෞඛ්‍ය සේවකයන් වෙත සැළකිල්ලක් නොදක්වන බලධාරින්ගේ ඇස් ඇරීමට නම් සේවක අයිතින් වෙනුවෙන් සටන් කරන්නට සිදුවන බව සෞඛ්‍ය සේවා වෘත්තිය ක්‍රියාකාරීන් ප්‍රකාශකර ඇත.