தமிழ்
English
Contact
Saturday 19th June 2021    
දීර්ඝ නොකරණ බව කී සංචරණ සීමා යළිත් දීර්ඝ කරයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

දීර්ඝ නොකරණ බව කී සංචරණ සීමා යළිත් දීර්ඝ කරයි!



මේවන විට ක්‍රියාත්මක සංචරණ සීමා මේ මස 21 වනදා තෙක් දීර්ඝ කිරීමට තීරණය කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

ජූනි 14න් පසුව සංචරන සීමා දීර්ඝ කිරීමේ තීරණයක් ගෙන නැති බව ප්‍රකාශ කළද එළඹෙන 14 වනදා සිට 21 වනදා අලුයම 04 දක්වා එම සීමා බලපැවැත්වෙනු ඇති බව අද නිවේදනය කර ඇත.
ආරම්භයේදී දින තුනක් සඳහා සංචරණ සීමා පැනවුවද පසුව එය සති දෙකක් දක්වා දීඍ්ඝ කරමින් ජූනි 4 දක්වා බලපවත්වන බව ආණ්ඩුව නිවේදනය කළේය. ඒ නිසා සාමාන්‍ය ජනයාගේ අවශ්‍යතා සඳහා මහත් දුෂ්කරතා ඇති විය. ඉන්පසුව ජූනි 4 වෙනුවට 14 වැනිදා දක්වා කාලය දීර්ඝ කළ අතර මේ අන්දමට ජනතාවගේ අවශ්‍යතා සම්බන්ධ නොසළකමින් සංචරණ සීමා කාලසීමාව හදිසියේ තුන්වරක්ම දීර්ඝ කර ඇත.
අත්‍යවශ්‍ය සේවා ඇතුළු ආර්ථික කටයුතු, ව්‍යාපාරික ක්ෂේත්‍රය සඳහා අවසර ලබාදීමට තීරණය කර ඇති අතර මේ දක්වා සාමාන්‍ය ජනයාට ඇතිව තිබෙන සීමාවන් ඉවත් කිරීමේ තීරණයක් ගෙන නැත. ඇඟලුම් කර්මාන්තශාලා ඉදිකිරීම් ක්ෂේත්‍රෙය් කටයුතු, සතිපොළ, කාබනික පොහොර නිෂ්පාදන කටයුතු මෙන්ම, කෘෂිකර්මාන්තයට අදාළ කටයුතුත් පවත්වාගෙන යාමට සෞඛ්‍ය නිර්දේශ යටතේ අවසර ලබා දෙන බව ආණ්ඩුව පවසයි. තවද බැංකු කටයුතු සහ ආර්ථික මධ්‍යස්ථාන සඳහා සීමා ඉවත් කිරීම සිදුවන නමුත් ඒ පිළිබඳ නිශ්චිත දිනයන් නිවේදනය කර නැත.