தமிழ்
English
Contact
Monday 24th June 2019    
දුම්රිය ගාස්තු සියයට 15 කින් ඉහළට | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

දුම්රිය ගාස්තු සියයට 15 කින් ඉහළට



දුම්රිය ගාස්තු සියයට 15කින් ඉහළ යන බව ප්‍රවාහන අමාත්‍යංශය පවසා තිබුණි. ඒ අනුව එම ගාස්තු ඉහළ යාම ඔක්තෝම්බර් පළමු වනදා සිට සිදු කෙරෙනු ඇති.

මේ යටතේ රුපියල් 10ක් වන අවම ගාස්තුවේ වැඩිවීමක් සිදු නොවන බව පවසන දෙපාර්තමේන්තුව අවම ගාස්තුවෙන් යා හැකි දුර කිලෝමීටර 10 සිට කිලෝමීටර 7 දක්වා අඩුකර ඇති බව ද කියයි.

උදාහරණයකට කොළඹ කොටුවේ සිට හුණුපිටිය දක්වාම දැනට අය කෙරෙන ගාස්තුව රුපියල් 10කි. එහෙත් සංශෝධනයෙන් පසු රුපියල් 10ක ගාස්තු අය කෙරෙන්නේ කොළඹ කොටුවේ සිට කැලණිය දක්වා පමණි.

කොළඹ කොටුවේ සිට හුණුපිටියට ගාස්තුව රුපියල් 15ක් වේ.

කොළඹ කොටුවේ සිට මහරගම දක්වා ගාස්තුව රුපියල් 25 දක්වා ද, කොළඹ කොටුවේ සිට ගම්පහ දක්වා ගාස්තුව රුපියල් 30 දක්වා ද වැඩි වනු ඇත.

දුරගමන් සැලකීමේදී කොළඹ කොටුවේ සිට ගාල්ල දක්වා වන ගාස්තුව රුපියල් 105 සිට රුපියල් 135ක් දක්වා වැඩි කිරීමට නියමිතයි.

කොළඹ කොටුවේ සිට මහනුවරට ගාස්තුව රුපියල් 110 සිට රුපියල් 140ක් දක්වා ද කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ගාස්තුව රුපියල් 205 සිට රුපියල් 275 දක්වා ද වැඩි කරනු ඇති.