தமிழ்
English
Contact
Thursday 5th August 2021    
දුම්රිය දෙපාර්තමේන්තුවේ පෞද්ගලිකකරණ ව්‍යාපෘති දෙකට සේවක විරෝධය! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

දුම්රිය දෙපාර්තමේන්තුවේ පෞද්ගලිකකරණ ව්‍යාපෘති දෙකට සේවක විරෝධය!



දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය නවීකරණය කිරීමේ මුවාවෙන් හි සන්නිවේදන පද්ධතිය හා ප්‍රවේශපත් නිකුත්කිරීමේ කටයුතු පෞද්ගලික අංශයට පැවරීමේ සූදානමක් ඇතැයි වෘත්තිය සමිති චෝදනා කරයි.

දුම්රිය දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් නවීකරණ කටයුතු කිරීමේ හැකියාව තිබියදී දේශීය හා විදේශීය සමාගම් වෙත දුම්රිය සේවා අංශ පැවරීමට විරෝධය පළකරන බව සේවක සමිති පවසයි. කෙසේවෙතත් මෙ වනවිටත් දුම්රිය සන්නිවේදන අංශය මෙරට පෞද්ගලික සන්නිවේදන සමාගමකට පවරා ඇති බව දෙපාර්තමේන්තු ආරංචිමාර්ග පවසයි. එසේම ප්‍රවේශපත් නිකුත් කිරීමේ කාර්ය චීන සමාගමකට පැවරීමේ කටයුතු ආරම්භකර ඇත.

මේ ආකාරයට මෙරට දුම්රිය සේවාව පෞද්ගලිකකරණය කරමින් සිදුකරන්නට යන පෞද්ගලිකකරණ ක්‍රියාදාමයට සේවක සමිති විරෝධය එල්ලවී ඇත. මෙම පෞද්ගලිකකරණ ව්‍යාපෘති ඉදිරියට ගෙන යන්නේ නම් දැඩි වෘත්තිය ක්‍රියාමාර්ග ගන්නා බවට සේවක සමිති අනතුරු අඟවා ඇත.
මේ අතර දුම්රි දෙපාර්තමේන්තු නිළධාරින් පවසන්නේ 2017 සිට සරලසුම්කර සේවක වෘත්තිය සමිතිවල දැන්වත්භාවයද ඇතිව දුම්රිය සේවා නළවීකරණ සැලසුම් ක්‍රියාවට නංවන බවය. ඒ් සම්බන්ධ සේවක සමිති නියෝජිතයන්ද කැඳවන ලද සාකච්ඡා සහ රැස්වීම් ගණනාවක් අවසානයේ මෙම ව්‍යෘපෘති ඉදිරියට ගෙන යමින් තිබෙන බවද දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.