தமிழ்
English
Contact
Tuesday 23rd October 2018    
දුමින්ද සිල්වා ඇතුළු තිදෙනකුට මරණ දණ්ඩනය ස්ථිර කෙරේ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

දුමින්ද සිල්වා ඇතුළු තිදෙනකුට මරණ දණ්ඩනය ස්ථිර කෙරේ!



පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව්දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට මහාධිකරණයෙන් නියම කළ මරණ දඬුවම තහවුරු කරමින් එම දඬුවම ක්‍රියාත්මක කරන ලෙස අද(11) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කරණ ලදී.
මහාධිකරණයෙන් නියම කළ දඬුවම ඉවත් කරන ලෙස ඉල්ලා දුමින්ද සිල්වා ඇතුළු සිව්දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ අභියාචන පෙත්සම විභාග කිරීමෙන් අනතුරුව එම තීන්දුව අද (11) සවස 2.30ට ප‍්‍රකාශයට පත් කෙරිණි. මරණ දඬුවම නියම වී සිටි අනුර තුෂාර ද මෙල්ට පැනවූ මරණ දඬුවම පමණක් ඉවත් කර ඔහු මුදා හැරීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත.
අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප්, බුවනෙක අළුවිහාරේ, නලින් පෙරේරා, ප‍්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
හිටපු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර ඇතුළු සිව්දෙනකු ඝාතනය කිරීමේ සිද්ධියට වැරදිකරුවන් වී මරණ දණ්ඩනය නියම වී සිටියේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආර් දුමින්ද සිල්වා, අනුර තුෂාර ද මෙල් , චමින්ද රවි ජයනාත් සහ සරත් බණ්ඩාර යන විත්තිකරුවෝය.
ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව්දෙනෙකු වෙඩි තබා ඝාතනය කරනු ලැබුවේ 2011 ඔක්තෝබර 08 වැනි දා මුල්ලේරියාව ප්‍රදේශයේදීය. පළාත් පාලන මැතිවරණයක් පැවැති එදින සිදුවූ වෙඩි හුවමාරුවෙන් දුමින්ද සිල්වාටද වෙඩි වැදුණි.




Related News